Tuesday, March 10, 2020

ජ’පුර සිසුවාගේ අනතුරට පසුබිම් වූ, ටයරයේ ඇඟිලි සලකුණු ගනී

නවකවදය පදනම් කරගෙන සිදුවූවක් ද යන්න විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර දී අනතුරට ලක්වූ සිසුවාගේ ඥාතීන් විශ්වවිද්‍යාල
පරිපාලනයට චෝදනා එල්ල කරනවා.

සාදය පැවැත්වීම සඳහා නිසි අවසරයක් ලැබුණේ ද ඔවුන් එහිදී ප්‍රශ්න කරන කරුණක්.එමෙන්ම, තම සහෝදරයාගේ අනතුර සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් මෙතෙක් නොදක්වා ඇති බවටයි සිසුවාගේ සොහොයුරා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

කෙසේ වෙතත්, සිද්ධිය නවකවදය පදනම් කරගෙන සිදුවූවක් ද නැතහොත් හදිසි අනතුරක් ද යන්න පිළිබදව මේ වන විට විශ්වවිද්‍යාල පරිපාලන සහ පොලීසිය එක්ව වෙන වෙනම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 6 වන දා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කර තිබී ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන්. නවකවදය නිමාව සලකුණු කරන මෙම උත්සවය සරසවි සිසුන් හඳුන්වන්නේ බකට් සාදය ලෙසින්.

මෙම උත්සවය රාත්‍රී 8.30ට පමණ අවසන් වී ඇති අතර ඊට සහභාගි වූ සිසුන් බහුතරයක් එම පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.කෙසේ වෙතත්, සිසුන් පිරිසක් අලූයම 1 දක්වා තවදුරටත් එම ස්ථානයේ රැදී සිට විනෝද වෙමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී විනෝද වන ස්ථානයට ගෙන විත් තිබූ ටයරයක් උස් ස්ථානයක සිට මෙම සිසුවාගේ හිසට වැටී අනතුරට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී සිසුවා අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි.

අනතුරට ලක්වූ සිසුවා මෙ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.සිද්ධියෙන් තුවාල ලබා මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

කෙසේ වෙතත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි.

අද උදෑසන පොලීසිය විශ්වවිද්‍යාලයට පැමිණ අනතුරට පසුබිම් වූ ටයරෙහි ඇඟිලි සලකුණු ද ලබා ගත් බවයි උප කුලපතිවරයා කියා සිටියේ.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka