දකුණු
කොරියාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු, කොරියානු ජාතිකයින්
දෙදෙනෙකු සහ ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු අයත්.
විදේශ ගතව සිට පැමිණෙන, නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන මගීන්ගෙන් දින 14ක ආහාර
වේල් 3 සඳහා රුපියල් 7500ක මුදලක් අය කරන බවට ගුවන් තොටුපළේ දී දැන්වීමත් සමඟ එම ස්ථානයේ අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හට ගත් බවයි වාර්තාකරු සදහන් කළේ.

කෙසේ නමුත් එලෙස ගුවන් මගීන්ගෙන් අය කිරීමක් සිදුනොකරන බවයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේ.
දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් අද අලූයම පැමිණි ගුවන් මගීන් 181 දෙනෙකු මඩකලපුව - බැටිකලෝ කැම්පස් හි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත මුල් වරට යොමු කරනු ලැබුවා.
ඊට දකුණු කොරියාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු, කොරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ ඉතාලියෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු අයත්. ඔවුන් අද කටුනායක ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් බස් රථවල නංවා බැටික්ලෝ කැම්පස් වෙත රැගෙන යනු ලැබුවා.
කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට සිටි විදෙස් ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ,ගුවන් තොටුපළේ වෙනත් ස්ථානයක සිටි සිය ඥාතිකුට දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේ, මාධ්‍යවේදියා විසින් රු 7500 ගැන කිවූ කතාව පටිගත කර තිබුණේ මෙලෙසින්.
under the courtesy of gossip.hirufm.lk news web