Wednesday, March 11, 2020

පෙම් පලහිලව්වක් නිසා විදේශිකයන් දෙන්නෙක් කරගෙන තියන දෙයක්


ගුටි ගසාගෙන ඇත්තේ එංගලන්ත ජාතිකයකු හා ඉතාලි ජාතිකයකු බව පොලිසිය පවසයි

පෙම් පලහිව්වක් සම්බන්ධයෙන් විදේශික ජාතිකයන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවක් දුර
දිග යෑමෙන් එක් විදේශීිය ජාතිකයකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි. උණවටුන ප්‍රදේශයේදී මෙම ගුටි බැට හුවමාරුව වී ඇත.

මෙසේ ගුටි ගසාගෙන ඇත්තේ එංගලන්ත ජාතිකයකු හා ඉතාලි ජාතිකයකු බව පොලිසිය පවසයි. මෙරට තරුණියක් සමඟ ඇති කරගෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ගැටුම ඇති වූ බව පොලිසිය පවසයි. තරුණිය එංගලන්ත ජාතිකයා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන ගොස් ඇත. පසුව එම ප්‍රේම සම්බන්ධතාව බිඳ වැටී තිබේ. පසුව ඇය වෙනත් විදේශිකයකු සමඟ සම්බන්ධතාවක් ඇති කරගෙන ඇත.

මෙම ප්‍රේම පලහිලව්ව හේතුවෙන් එංගලන්ත ජාතිකයා විසින් ඉතාලි ජාතිකයාට පහරදී ඇත. පහරදීම සම්බන්ධයෙන් එංගලන්ත ජාතිකයා හබරාදුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

හබරාදුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

මාපලගම - රසික සෙනවිරත්න

 under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka