Tuesday, March 10, 2020

අනුරාධපුරට කුඩු බෙදන සරසවි සිසුවා අත්අඩංගුවේ

 
 
උසස් පෙළ වාණිජ අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබාගෙන විශ්වවිද්‍යාලයට ඇතුළුව තිබෙනවා
 
හෙරොයින් ජාවාරමේ නිතර වන කොමාන්ඩෝ අජිත් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සමඟ කිට්ටු සබඳතා පවත්වමින් මිහින්තලය රජරට විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමින් සිසුවන්ට හෙරොයින් විකිණීමේ නිරත වූ ශිෂ්‍යයකු උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති යටතේ ක්‍රියාත්මක දිසා වැටලීම් ඒකකය මඟින් හෙරොයින් ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ පෙරේදා (7දා) අත්අඩංගුවට ගෙන තිබේ.  මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ උක්කුලන්කුලමේ අජිත් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හෙරොයින් ජාවාරම්කාර 27 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 38ක් සමඟ අත්අඩංගුවට පත්වී තිබුණේ අනුරාධපුර ශාවස්ත්‍රිපුර ප්‍රදේශයේදීය.

සැකකාර ශිෂ්‍යයා අනුරාධපුර ප්‍රධාන පිරිමි පාසලකින් උසස් පෙළ අධ්‍යාපනය හදාරා ඇති බවත් 2013 වසරේදී උසස් පෙළ වාණිජ අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබාගෙන විශ්වවිද්‍යාලයට ඇතුළුව තිබෙන බවත් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමෙන් පසුව හෙරොයින් පානයට ඇබ්බැහිව ඇති බවත් පසුව හෙරොයින් මතට සිසුන් ඇබ්බැහි කරමින් හෙරොයින් ජාවාරම ආරම්භ කර තිබෙන බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

සැකකරු හිදෝගම පොලිස් වසමේ පදිංචි කොමාන්ඩෝ අජිත් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන හෙරොයින් ජාවාරම්කරුගෙන් හෙරොයින් මිලදී ගෙන විශ්වවිද්‍යාලයට රැගෙන ගොස් එහි සිටින සිසුන්ට අලෙවි කරන අතර  සැකකරුගේ මව අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සේවය කරන ගුරුවරියක බවද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරු පවසා තිබුණේ මත්කුඩු පානයට ඇබ්බැහිවීම නිසා පසුව මත්කුඩු අලෙවි කිරීමට පුරුදුවූ බවත් පුරුද්ද අත්හැරීමට ඔෟෂධ භාවිත කළත් එය නවතා ගැනීමට නොහැකි වූ බවත්ය.

පුනරුත්ථාපනයට යොමුවීමට සිත් ඇති වුවත් හෙරොයින් මත්කුඩු මතක් වූ විට ඒවා පානය කිරීමට ආශාව ඇති වන බවද සැකකරු පොලිසියට පවසා තිබිණි. අත්අඩංගුවට පත්වූ සැකකරු අනුරාධපුර ශ්‍රාවස්තිවත්ත, ශ්‍රාවස්තිපුර පදිංචිකරුවකු වන අතර ඔහු ඊයේ (8දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර දිසා වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.එස්. චන්ද්‍රසිරි, පොලිස් සැරයන්වරුන් වන විජේරත්න (32117), දසනායක (27312), බණ්ඩාර (48317), පොලිස් කොස්තාපල්වරුන් වන රසික (53273), නුවන් (54904), රාජරත්න (66934), චන්ද්‍රරත්න (68906), දිසානායක (81188) යන පිරිස වැටලීම සිදුකර සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා අත්අඩංගුවට ගෙන තිබිණි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය  

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka