Tuesday, March 10, 2020

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුර දී සිසුවෙකුට අත්වූ අවාසනාවන්ත ඉරණම - Video

සිසුන් පිරිසක් තවදුරටත් එම ස්ථානයේ රැදී සිට විනෝද වෙමින් සිට ඇත 
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පවත්වන ලද සාදයකදී අනතුරට ලක්වූ සිසුවෙකු මේ වන විට බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පසුගිය 6 වන දා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී උත්සවයක් සංවිධානය කර තිබී ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන්.

මෙම උත්සවය රාත්‍රී 8.30ට පමණ අවසන් වී ඇති අතර ඊට සහභාගි වූ සිසුන් බහුතරයක් එම පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, සිසුන් පිරිසක් තවදුරටත් එම ස්ථානයේ රැදී සිට විනෝද වෙමින් සිට ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී විනෝද වන ස්ථානයට ගෙන විත් තිබූ ටයරයක් උස් ස්ථානයක සිට මෙම සිසුවාගේ හිසට වැටී අනතුරට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී සිසුවා අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණේ වැඩිදුර ප්‍රතිකාර සඳහායි.

සිද්ධියෙන් තුවාල ලබා මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේගෙන් මේ පිළිබදව අප විමසීමක් කළ අතර, එහිදී ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එහි වාර්තාව හෙට දිනයේදී ලැබීමට නියමිත බවයි.

මේ අතර, සිද්ධිය වූ ස්ථානයට පැමිණ පොලීසිය ද විමර්ශනයක් සිදුකර ඇති අතර, අදාළ උත්සවයට සහභාගි වූ සිසුන්ගෙන් කට උත්තර ලබා ගැනීමට ද කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.
 

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka