පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්
වයස අවුරුදු 8ක් වන බාල වයස්කාර පිරිමි දරවකුට ලිංගික අපරාධයක් කර සැඟ වී සිටි පොලිස් කොස්තාපල්වරයකු පුත්තලම පොලිසියේ නිලධාරීන් විසින් පසුගිය 13 වැනිදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු පුත්තලම පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.
පසුගිය මස 23 වැනිදා පුත්තලම - සිරම්බිඅඩිය ප්‍රදේශයේ පිහිටි පොල් වත්තක මුර මඩුවේදී තම දරුවාට සැකකාර පොලිස් නිලධාරියා විසින් අතවරයක් සිදුකර ඇති බව එම දරුවාගේ පියා විසින් පුත්තලම පොලිසියට පැමිණිලි කර තිබේ. සැකකරු අතවරයට පත්ව ඇති දරුවාගේ සීයා සමඟ මත්පැන් පානය කිරීමට හුරුවී සිටි ඇති බවත්, එසේ පැමිණි අවස්ථාවක මෙම අපරාධය සිදුවී ඇති බවත් පැමිණිලිකරු පවසා ඇත.
එම පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව සැකකරු සේවයට වාර්තා නොකර ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
ඒ අතර පසුගිය 27 වැනිදා සිට සැකකරුගේ සේවය අත්හිටුවීමට පුත්තලම සහකාර පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොට්ටුකච්චිය - මැල්ලන්කුලමේ පිහිටි තම සහෝදරියකගේ නිවෙසට පැමිණ සිටින බවට වූ තොරතුරක් 13 වැනිදා රාත්‍රියේ පුත්තලම පොලිසියේ උප පොලිස් පරීක්ෂක ගංගොඩ මහතාට ලැබී ඇත. ඒ අනුව අත්අඩංගුවට ගැනීම කර ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත
under the courtesy of mawbima.lk news web