Monday, March 16, 2020

මැතිවරණ කොමිසම සෞඛ්‍ය බලධාරීන් හමුවෙයි-නාමයෝජනා හා ඇප මුදල් බාර ගැනීම අද නෑ

නීතියෙන් බලය ඇති පුද්ගලයින් පමණක් නාමයෝජනා ශාලාව තුළට 

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් අද(16) පැවැත්වීමට නියමිතව තිබේ.කොරොනා වෛරස් රෝග තත්ත්වය පැතිර යාමත් සමඟ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ
සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත් වෙයි.

මෙහිදි ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

මේ අතර එළඹෙන මහ මැතිවරණයට අදාලව නාම යෝජනා භාර ගැනීමේ කටයුතු අද දිනයේ සිදු නොකෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.

අද දිනය රජයේ නිවාඩු දිනයක් බව නිවේදනය කිරීම හේතුවෙන් මහමැතිවරණයට අදාළ නාමයෝජනා බාර ගැනීම හෝ ඇප මුදල් බාර ගැනීම සිදු නොකරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

හෙට(17) හා අනිද්දා(18)  කාර්යාල වේලාවන් තුළ හා මාර්තු මස 19 වන දින පෙ.ව 8.30 - මධ්‍යයන12 දක්වා මීට පෙර සඳහන් කර පරිදි ඇප මුදල් හා නාමයෝජනා බාර ගැනීමේ කටයුතු සිදු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මාර්තු 19 වන දින නාමයෝජනා කටයුතු හා විරෝධතා දැක්වීමේ කටයුතු ඒ පිළිබඳ තීරණ ගැනීම් අවසන් වු පසු තේරීම් බාර නිලධාරීන් විසින් දන්වා එවන තොරතුරු අනුව මැතිවරණ කොමිෂන් සභාවේ ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම ප්‍රසිද්ධ කරනු ලබන බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙහිදී සභාපතිවරයා දේශපාලන පක්ෂ නියොජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

එහිදී අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, නීතියෙන් බලය ඇති පුද්ගලයින් පමණක් නාමයෝජනා ශාලාව තුළට කැඳවා ගෙන එන ලෙසයි.

එමෙන්ම නාමයෝජනා ශාලාව අවට ආධාරකරුවන් රැස් කිරිමෙන් වළකින ලෙස ද සභාපතිවරයා විසින් පක්ෂ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වසංගත තත්ත්වයෙන් බේරීම සඳහා මෙම දින කීපය පමණක් නොව හැකියාවක් ඇත්නම් අවම වශයෙන් දින 10 ක් හෝ ප්‍රසිද්ධ මහජන රැළි නොපවත්වන ලෙසත් සභාපතිවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.


under the courtesy of adaderana.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka