මිතුරා බේරා ගැනිමට නාගරාජ් උත්සහ කළ අවස්ථාවේ දී මෙලෙස මුහුදේ ගිලි ජිවිතක්ෂයට පත් වී ඇත.
මුහුදේ දිය නෑමට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා තේ වත්තේ පහල
කොළඹ ප්‍රදේශයේ ආපන ශාලාවක සේවයේ නියුතුව සිටි මරණකරු පසුගිය 14 වන දින ආපනශාලාවේ නිවාඩු දිනයක් බැවින් ඔහුගේ මිතුරෙකු සමඟ වත්තල ප්‍රදේශයට ගොස් මුහුදේ දිය නෑමට ගොස් තිබේ.
එහිදී ඔහුගේ මිතුරා සැඩ පහරකට හසු වී ගසා ගෙන යන අවස්ථාවේ මිතුරා බේරා ගැනිමට නාගරාජ් උත්සහ කළ අවස්ථාවේ දී මෙලෙස මුහුදේ ගිලි ජිවිතක්ෂයට පත් වී ඇත.
මුහුදේ ගිලි ජිවිතක්ෂයට පත් නාගරාජ්ගේ සිරුර නිවසට රැගෙන එනතෙක් පවුලේ ඥාතින් මේ වන විට බලා සිටියි.