Monday, March 16, 2020

වසර 74කට පසුව ලෝක ක්‍රිකට් පිටිය පාලුවට යයි

පළමු ලෝක යුද්ධය හේතුවෙන් වසර 6ක පමණ කාලයක් ටෙස්ට් තරග පැවැත්වීම නවතා දමා තිබුණා
 
කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව ඇතැම් නගර සම්පූර්ණයෙන් වසා දමා ඇති අයුරින් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ද සියල්ලම පාහේ පවතින්නේ පාලුවට ගොසින්.දේශීය තරග පමණක් ඇතැම් විට දැකිය හැකි නමුත් බොහෝ රටවල එය ද මේ වන විට කල් දමා තිබෙනවා.

ඊට අමතරව ජාත්‍යන්තර පිටිය දෙස අවධානය යොමු කරන විට තරගාවලි රැසක් තාවකාලිකව අවලංගු කිරීමටයි මේ වන විට පියවර ගෙන තිබෙන්නේ

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය, ඉන්දු – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය, නවසීලන්ත – ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වනවිට එලෙස නවතා දැමුණු ප්‍රධාන තරඟාවලි අතර වනවා.

එමෙන්ම ලොව ප්‍රධානතම ක්‍රිකට් ප්‍රිමියර් ලීගය වන IPL තරගාවලිය ද ලබන 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් මේ වන විට එය ද අප්‍රේල් 15 වනදා දක්වා කල් දමා තිබෙනවා.

PSL තරගාවලිය ද මේ දිනවල පැවැත්වෙන නමුත්, එය පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂකයෙකු තරග නැරඹීම සදහා ක්‍රීඩාංගනයට පැමිණීමට අවස්ථාව ලබා නොදෙමින්.

මෙලෙස ජාත්‍යන්තර තරග කල් දැමීමට හෝ අවලංගු කිරීමට සිදු වූ අවස්ථාවක් මීට පෙර අපට වාර්තාවනවා.

පළමු ලෝක යුද්ධය හේතුවෙන් වසර 6ක පමණ කාලයක් ටෙස්ට් තරග පැවැත්වීම නවතා දමා තිබුණා.දෙවන ලෝක යුද්ධය නිසා  ක්‍රිකට් තරග අත්හිටුවීමට සිදු වුණා.

ඒ අනුව එම කාලයෙන් පසුව මෙලෙස‍ ජාත්‍යන්තර තරග රැසක් අවලංගු කිරීමට මේ වන විට සිදුව ඇත්තේ වසර 74කට පමණ පසුව වීම විශේෂත්වයක්.

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka