'හන්ටා' නම් වෛරසයක් හේතුවෙන් චීනයේ යුනාන් ප්‍රාන්තයේ සිට ශැංඩොං ප්‍රාන්තය දක්වා ගමන් කරමින් සිටි පුද්ගලයෙක් බස් රථයක් තුළ දී ජීවිතක්ෂයට පත්වී තිබෙන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු සමඟ එම බස් රථය තුළ ගමන් කළ මගීන් 32ක් වෛද්‍ය පරීක්ෂණ සඳහා ද යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ කොරෝනා වෛරසයට මෙම වෛරසය යම්කිසි සමානකමක් පෙන්වන බවයි. මෙම හන්ටා වෛරසය මීයන් මඟින් ඇති වන්නක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ නමුත් වෛද්‍යවරුන්ගේ මතය වන්නේ මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් ඉතා දරුණු ලෙස පැතිර යන්නේ නැති බවත් සුළඟ ආධාරයෙන්ද එය පැතිර නොයන බවය.
under the courtesy of mawbima.lk news web