Tuesday, March 24, 2020

නිරෝධායනයට ලක්වූ 350ක් පිටව ගිය හැටි

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සහ වැලකන්ද කන්දකාඩු යුධ හමුදා කදවුරේදි දින 14 ක් නිරෝධායනයට ලක් වු ශ‍්‍රී ලාංකිකයින් 350 දෙනෙකු 24 වෙනිදා පෙරවරුවේ බස් රථ අටකින් ඔවුන්ගේ
නිවෙස් කරා පිටව ගියහ.

ඉකුත් මාර්තු 10 වෙනිදා ඉතාලිය, දකුණු කොරියාව , ඉරානය යන රට වලින් පැමිණි විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් කොරෝනා වෛරසය නිසා ඔවුන් මෙලෙස දින 14 ක් අදාල ස්ථානයන් හි නිරෝධායනයට ලක් වු අතර එහි දි ඔවුනට අවශ්‍ය සියලූ පහසුකම් යුධ හමුදාව මගින් සැපයිමට කටයුතු කලහ.

ඒ අනුව අද දිනයේ මාතර, කොළඹ, මහනුවර, ගාල්ල යන දිස්ත‍්‍රීක්ක සදහා බස් රථ අටකින් පිටත් වු ඔවුන් සදහා තව දුරටත් සෞඛ්‍ය අංශවල අවධානය යොමු කිරිමන් ඔවුන්ට අවශ්‍ය සියලූ පහසුකම් ලබා දිමට කටයුතු කරන බවද යුධ හමුදාව පවසයි.

ගත වු දින 14 ක කාලය තුල තමන්ට නිවෙස් වලටත් වඩා පහසුකම් සපයමින් යුධහමුදාව දිවා රැ විශාල කැප කිරිමක් කෙරු බවත් අනිකුත් ප‍්‍රදේශවල ඉතාලියෙන් පැමිණ සැගවි සිටින අයවලූන් නිරෝධායනය වෙමින් රජයට මේ මොහොතේ සහය දෙන ලෙසද පිටව ගිය ශ‍්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකු මාධ්‍යට අදහස් දක්වමින් ප‍්‍රකාශ කලහ.

වැලිකන්ද ප‍්‍රසාත් සමන්

under the courtesy of mawbima.lk news web






------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka