දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස බවත් රජය නිවේදනය කරයි. ජනාධිපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.
ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බළකාය සියලූ විධිවිධාන සලසා ඇත.
ඇඳිරි නීති කාලයේ කිසිවකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුය. කාර්ය සාධක බළකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ගවල ධාවනය කිරීමට පිළිවන. අන් කිසිදු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුය.
දිවයිනේ සියලූ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර ඇත. විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යෑම මුළුමනින් තහනම් වෙයි. කුමන දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ, කුඩා තේ වතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර ඇත. ගුවන්තොටුපළ සහ වරාය සේවා පවත්වාගෙන යනු ලැබෙයි.
පොලිසිය හා ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කළ යුතුය.
under the courtesy of divaina.com news web