Saturday, March 28, 2020

ලංකාවේ කොරෝනා හැදුනු 106න් 102කටම වගකියන්නේ පිටරට සබඳතා

මෙරටදී කොරෝනා වයිරසය වැලඳුණ පුද්ගලයන් 106 දෙනාගෙන් හතර දෙනකුට එම වයිරසය ආසාදිත වූයේ කෙසේද යන්න ගැන මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා “මව්බිම”ට පැවැසීය.

මෙරටදී වයිරසය ආසාදනය වූ 106 දෙනාගෙන් 102කට වයිරසය ආසාදනය වී ඇත්තේ චීනය, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයකින් මෙරටට පැමිණි සංක්‍රමණිකයන් සමීපව ඇසුරු කිරීමෙන් යැයිද මහාචාර්යවරයා කීය.

ආසාදනයට ලක්වූ අයට වයිරසය ශරීරගත වී දින 14ක් ඉක්මවා ගොස් තිබෙන බැවින් ඊට පසුව තවත් අයකුට ඔවුන්ගෙන් වයිරසය බෝවිය නොහැකි බැවින් මෙය වයිරසය වැලඳීමේ දෙවැනි රැල්ලක් වන්නේ නම් තවත් දින පහක් අටක් අතර කාලයක් තුළදී එය හඳුනාගත හැකි වන බවද මහාචාර්යවරයා පැවැසීය.

මේ වනවිට ශ්‍රී  ලංකාවේදී රෝගයට ගොදුරු වූ අයගෙන් සිවු දෙනකු සම්පූර්ණයෙන් සුවය ලබා ඇත.

නමුත් ඔවුන් පිළිබඳ පැය 24ක් ඇතුළත දෙවරක් විශේෂ පරීක්ෂණයකට ලක්කරන බවද හෙතෙම කීය. එලෙස පැය 24ක් තුළ දෙවරක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ අය කිසිදු චකිතයකින් තොරව නිවෙස්වලට යැවිය හැකි බවද මහාචාර්යවරයා සඳහන් කළේය. 
 

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka