Thursday, March 12, 2020

ලංකාවේ තවත් පුද්ගලයෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වෙයි

ඊයේ දිනයේ හඳුනාගත් පුද්ගලයා සමඟ දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ලැගුම් ගෙන සිට ඇත

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ වෛරසය ආසාදනය වූ බවට ඊයේ(11) දිනයේ හදුනාගත් පුද්ගලයා සමඟ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

වෛරසය ආසාදනය වූ බවට ඊයේ දිනයේ හඳුනාගත් පුද්ගලයා සමඟ දඹුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක ලැගුම් ගෙන සිට ඇති බවට අනාවණය කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගත් මෙම පුද්ගලයාද
සංචාරක නියාමකයින් වශයෙන් සේවය කරන දෙනෙකු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

44 හැවිරිදි එම පුද්ගලයා මේ වන විට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka