Friday, March 13, 2020

කොරෝනා ගැන තොරතුරු දැනගන්න දුරකථන අංක දෙකක්

එසේම සමාජමාධ්‍ය ඔස්සේ සම්පූර්ණයේම අසත්‍යය තොරතුරු හුවමාරු කෙරෙනවා.

නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව
සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද පැවසුවා.

මේවන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත 931 දෙනෙකු අදවන විට ඇතුළත් කර  තිබෙනවා. මීට අමකරව අද උදෑසන විට විට මෙරටට පැමිණි 103 දෙනෙකු පමණ මේ වන විට ආගමන විගමන කටයුතු නිමා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට අවශ්‍ය කටයුතු සම්බාදනය වෙමින් පවතිනවා.

අද උදෑසන දක්වා පැමිණි පිරිස මේ වන විට කන්දකාඩු , පූනානි, දියතලාව නිරෝධනායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබුවා. නමුත් අද දිනයේ තවත් 150ක පමණ පිරිසත් පැමිණෙතැයි විශ්වාස කරනවා. මේ වන විට විශේෂයෙන්ම කිවයුතු කාරණයක් තියෙනවා විවිධ කටකතා පැතිරීම සම්බන්ධයෙන්.

ඔබ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපේ රජය සහ මේ සම්බධයෙන් ක්‍රියා කරන සෞඛ්‍ය අමාත්‍යංශයත් ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. අප කිසි විටෙකත් මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒනිසා අවස්ථාවේදී විවිධ කටකතා විශ්වාස කරන්න එපා.

මේ අවස්ථාවේ යුද්ධ හමුදාවේ 011- 309 0502 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. ඊට අමතරව 113 දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා ගන්න පුළුවන්. 


සෞඛ්‍ය අමාත්‍යාංශය අමතන්න. - 071 01 07 107 හෝ 0113 07 10 73

එසේම සමාජමාධ්‍ය ඔස්සේ සම්පූර්ණයේම අසත්‍යය තොරතුරු හුවමාරු කෙරෙනවා. යුද හමුදාවෙන් ලබා දෙන තේ සම්බන්ධයෙන් එක් අසත්‍යය ප්‍රචාරයක් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුනා. ශ්‍රී ලංකා හමුදාව කියන්නේ දිනන්න බෑ කියපු යුද්ධයක් ජයග්‍රහණය කරපු රට විශ්වාස කරන යුද්ධ හමුදාවක්.

අපි කැලේ ඉද්දිවත් වතුර බෝතල් කපලා තේ බීපු පිරිසක් නෙවෙයි. කැලේ යද්දි උණත් සියලු දේ සඳහා අපිට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලත් නිසි ක්‍රමවේදයන්ට තමයිඅපි අහාර පාන ලබා දෙන්නේ.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ හිටපු යම්කිසි පුද්ගලයෙකු තමයි මේ ඡායාරූපය සමාජමාධ්‍යයට මුදා හැරලා තිබුණේ. ඇතැම් වෙලාවට මේ සමාජයේ පිරිස් හිතන්න පුළුවන් මෙච්චර මිනිස්සු ආදරය කරන යුද්ධ හමුදාව මෙහෙමද නිරෝධායන මධ්‍යස්ථානවල කටයුතු කරන්නේ කියලා.

අපි ඒ තත්ත්වයට පත්වෙන්නේ නෑ කවදාවත්. මේ ඡායාරූපය මුදාහැරපු පුද්ගලයා යම්කිසි යටි පරමාර්ථයක් හිතේ තියාගෙන තමයි මේ ඡායාරූප සමාජගත කරලා තියෙන්නේ. ඔහුගේ ඒ ක්‍රියාව අපි හෙලා දකිනවා.

අපේ නිරෝධායන මධ්‍යස්ථානයක ඔහුව කිසිම ලෙඩක් නැති පුද්ගලයෙකු ලෙස රඳවාගෙන තව දින 12කින් පමණ ඔහුගේ නිවසට යන්න නියමිතව තියෙද්දි  ඔහු කළ මේ කටයුත්ත සම්බන්ධයෙන් ඔහුට අනුකම්පා කරනවා.

අපිට දැනගන්න ලැබිලා තියෙනවා විවිධ ආකාරයෙන් අසත්‍යය ප්‍රකාශ සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කරනවා කියලා. අපිට කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් ලබා දෙනවා.

අපි තමයි නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන්නේ. ඒ කටයුත්තේදී කුමන හෝ අකටයුත්තක් අසාධාරණයක් අපෙන් සිදුවෙනවා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න. අපිට කළ හැකි උපරිමය අපි කරනවා. ඔවුන්ට ලබා දෙන ප්‍රධාන ආහාර වේලවලට අමතරව කොත්තමල්ලි, සව් වැනි අතිරේක ආහාරපානත් අපි ලබා දෙනවා.

පොදුවේ කල්පනා කරන්න අවශ්‍ය කාරණය වෙන්නේ ඔවුන් කල්පනා කරන්න උවමනායි අපි මේ කරන්නේ සේවයක් කියලා. මේ විදිහට නිරෝධායනය  සිදු නොකළොත් ඒ්ක පොදුජනතාවට තර්ජනයක් වෙන්න පුළුවන්.

අපිට හැකියාවක් නැහැ මිලියන 22ක ජනතාවක් අනතුරේ දාන්න. දැනට අපි රඳවාගෙන ඉන්න අය කොරෝනා ආසාධිතයෝ නෙවේ. අපේ වෛද්‍යවරු ඔවුන් සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමුකරනවා.

අපි මෙරට ජනතාවගෙන් නැවත නැවත ඉල්ලන්නේ රට ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාව ගැන බලාපොරොත්තු තියාගන්න. අපි මේ සම්බන්ධයෙන් අපිට ලැබෙන සියලුම තොරතුරු  මහජනාතාවට දැනුම් දෙනවා. සමහරු අහනවා ඇයි මේ හමුදාවම මේ දේ කරන්නේ කියලා.

ලංකාවේ හිටපු අයනම් දන්නවා යම්කිසි හදිසි අවශ්‍යතාවයක් ඇතිවුණාට පස්සේ මේ රටේ පෙරට ඒන ප්‍රධානතම ආයතනය වෙන්නේ යුද්ධ හමුදාව. නාය යාමක් ගංවතුරක් ආවත් අපි තමයි ඉදිරියට ඒන්නේ. වැඩිම විනය ගරුක  මිනිස්බලය සහිත ආයතනයක් වශයෙන් ත්‍රිවිධ හමුදාව ඉදිරිපත් වෙනවා.

මේ නිරෝධායන කටයුතු සඳහාම පුහුණු වූ කණ්ඩායම් ත්‍රිවිධ හමුදාව තුළ ඉන්නවා. අපිට ඒ සඳහා පහසුකම්, මිනිස්බලය සහ දැනුම තිබෙන නිසා තමයි ත්‍රිවිධ හමුදාව මේ සඳහා යොදවලා තියෙන්නේ. අපි අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යම්කිසි පෙරසූදානමක් වෙලා හිටපු නිසා තමයි මේ සඳහා ඉදිරිපත් වුණේ. යැයි ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

දිලංක ගුණතිලක

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka