Thursday, March 12, 2020

ශ්‍රී ලංකාවට සෞදියේ සංචාර තහනම්? සුපිරි නළුවෙකු වෛරස් ආසාදිතයෙක් වෙයි

රජයේ සේවකයන්ට පඩි සහිත නිවාඩු ලබාදීමටත් ඩෙන්මාර්කයේ රජය පියවර ගෙන ඇත

කොරෝනා ව්‍යාප්තියත් සමඟ සෞදි අරාබිය රටවල් 39කට සිය රටතුලට පැමිණීමට සහ එම රටවල
සංචාරය කිරීමට තහනමක් පනවා තිබෙනවා.  ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු සියලු යුරෝපය රටවල් මෙම සංචාරක තහනමට ඇතුළත්. ඩෙන්මාර්කයේ සියලු විශ්වවිද්‍යාල සහ පාසල් අද සිට වසා දැමීමටත් රජයේ සේවකයන්ට පඩි සහිත නිවාඩු ලබාදීමටත් එරට රජය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම ඇමරිකාවේ වොෂින්ටන්හි සියලුම පාසල් සති දෙකක කාලයක් සඳහා වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. එරට ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමද තහනම් කර තිබෙනවා. ඇමරිකාවේ ප්‍රසිද්ධ සිනමා නළුවෙකු වන ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්ටද කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. පවතින තත්ත්වය සළකා බ්‍රිතාන්‍ය හැර යුරෝපා රටවල සිට පැමිණෙන්නන්ට ඇමරිකාවට ඇතුලුවීම මාසයක කාලයක් අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය ඉතාලිය තුළ සීග්‍රයෙන් පැතිරයාමත් සමග ලබන 25 වනදා දක්වා එරට ඖෂධසැල් සහ සුපිරි වෙළඳසැල් හැර අනෙකුත් සියලු වෙළඳසැල් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාවේ නවතම කොරෝනා වෛරස් ආසාදිතයා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගියදා ඉන්දිය සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම් අතර පැවැති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට මෙම ආසාධිතයා එක්ව සිටි බවයි වාර්තා වන්නේ. මෙම තරඟය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් 86,174 දෙනෙකු එක්ව සිටි බවයි වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර සංචාරය සඳහා මෙරටට පැමිණෙන චීන, ඉතාලි, ඉරාන සහ දකුණු කොරියානු ජාතිකයින්ගේ කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙනවා. කෙසේ නමුත් විදේශිකයන්ට දිවයිනට පැමිණි පසු වීසා පහසුකම් ලබාදීම හෙවත් ඔන් අරයිවල් වීසා ලබාදීම අද සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට රජය ගෙන යන නිරෝධායන වැඩපිළිවෙලට සහ සෙසු ක්‍රියාමාර්ගවලට සියලු පාර්ශවයන්ගේ පූර්ණ සහය අවශ්‍ය බව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ජාතික වගකීමක් ලෙස සළකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන ලෙසද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද උදෑසන පහ දක්වා කාලය තුළ කටුනායක ගුවන් තොටුපල වෙත ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 කින් පොළොන්නරුව - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුවේ පිහිටි බැටික්ලෝ කැම්පස් වෙත යවා ඇති බවයි ගුවන් තොටුපල කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ. කොරෝනා පැතිරයාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය ගෙන යන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන විදේශිකයන් සඳහාද අදාළ වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා. 


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka