Saturday, March 7, 2020

සත්ත්ව ආහාර වෙළෙඳාමට චීනය සීමා පනවයි

චීන ජාතිකයන් සාම්ප්‍රධායික බෙහෙත්, ඇඳුම් නිර්මාණය, ආභරණ සහ සැරසිලි නිර්මාණයටද විවිධාකාර සතුන් භාවිතා කරනවා.
 
කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භ වී මාස තුනකට ආසන්න කාලයකදී ලොව පුරා රටවල්  90ක පමණ පැතිර ගොස් තිබෙනවා.

https://www.worldometers.info වෙබ් අඩවියේ දත්ත වාර්තා අනුව අද දිනය වනවිට ආසාධිතයන් 98 752ක් හඳුනාගෙන ඇති අතර පුද්ගලයන් 3389ක් වෛරසය  හේතුවෙන් මියගොස් තිබෙනවා.

පුද්ගලයන් 55 662ක් සුවය ලබා ඇතැයිද වාර්තා වනවා.

වෛරසය පැතිරී යාමේ අවදානම  තවමත් අඩු නොවීම නිසා විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ එය පාලනය කරගන්නට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ සංවිධාන මෙන්ම ඒ ඒ රටවල පාලක පක්ෂයන්ද උත්සාහ ගනිමින් සිටිනවා.

කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ වූයේ වූහාන් හි සත්ත්ව ආහාර ද්‍රව්‍ය  වෙළෙඳපොලකින් වීම නිසා එවැනි  වෙළෙඳපොල සහ ගොවිපොල කටයුතු සීමා කරන්නට චීනය පියවරගෙන ඇතැයි වාර්තා වනවා.

පෙබරවාරි මස අගදී සියලුම සත්ත්ව ගොවිපොල සඳහා තාවකාලික තහනමක් පැනවූ චීනය පරිසර විද්‍යාත්මක, ජීවවිද්‍යාත්මක හා සමාජීය වශයෙන් වටිනාකමක් සහිත සතුන් පරිභෝජනය සම්බන්ධ නව නීති මේ වසර අගදී ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වනවා.

කෙසේ වෙතත් සත්ත්ව වෙළෙඳාම සම්බන්ධයෙන් සීමා පැනවීම එතරම පහසු කටයුත්තක් නොවන්නේ චීන ජාතිකයන්ගේ ආහාර රටාව සමග මෙන්ම සංස්කෘතික කටයුතු සමගද සතුන් බැඳී පැවතීම හේතුවෙන්.

චීන ජාතිකයන් සාම්ප්‍රධායික බෙහෙත්, ඇඳුම් නිර්මාණය, ආභරණ සහ සැරසිලි නිර්මාණයටද විවිධාකාර සතුන් භාවිතා කරනවා. එමෙන්ම සුරතලය සඳහා සතුන් ඇති කිරීම චීන ජාතිකයන් අතර බහුලව දැකගන්නට පුළුවන්.

මීට පෙර සාර්ස් වෛරසය පැතිර ගිය අවස්ථාවේද 2003 වසරේදී මේ ආකාරයට චීනය සත්ත්ව වෙළෙඳාම සම්බන්ධයෙන් සීමා පනවනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ සතුන් ඈඳාගත් සංස්කෘතිකාංග අතහැර දැමීමටත්, සාම්ප්‍රදායික බෙහෙත් ක්‍රම සඳහා සතුන් භාවිතය නතර කර දැමීමටත් චීනය පියවර ගතයුතු බවයි. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka