Saturday, March 7, 2020

රුහුණු ශිෂ්‍ය සංගම් තිරිසනුන්ගේ නින්දිත නවක වධ ගැන පුදුම හිතෙන හෙළිදරව්වක්

තුන්වැනි නවක වධය තමයි පූ කපුටන් ඇල්ලීම.
 
අවසාන නවක වධය තමයි රාජසිංහගේ අමුඩය
 
අයිවර් ජෙනිංස්ට අනුව ශ්‍රී  ලංකාව සංස්කෘතික කාන්තාරයකි. එය නම් සැබෑය. එතරම් වූ මිනිසෙක් එදවස එකී කතාව කියන විට එය නොපිළිගන්නා පොදු සමාජය අද දවසේ හබරගමුවේ දර්ශන උදයංගගේ කතාව අසා එය පැහැදිලි යැයි කියනු ඇත. දර්ශන උදයංග කියා සිටින්නේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල මුලුගැන්වී තිබුණු කතාවකි. එසැබවි: දර්ශන එකී උප සංස්කෘතිය තුළ ඇති දෑ එළියට නොදමන්නට අද දින වන විට රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ අතර හැඩය කුමක් වනු ඇද්ද? නඩුහබ කොතරම් ඇතත් ඒවා මැඬවූවද අප දර්ශනට  සවන්දිය යුතුය.

“මගේ තාත්තා හබරගමුවේ අනුර කුමාසිරි. අම්මා රණසිංහ ආරච්චිගේ පද්මිණී රණසිංහ. මට එක සහෝදරයෙක් සිටිනවා. ඔහු හර්ෂ චතුරංග. මම ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ ගණේමුල්ල, හේමමාලි මහා විද්‍යාලයෙන්. අපොස උසස් පෙළට මුහුණ දෙන්නේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන්. මගේ පියා ටාජ් සමුද්‍රා හෝටලයේ උද්‍යාන සේවකයෙක්. මව රැකියාවක් කළේ නැහැ. අපි බොහොම සාමාන්‍ය පවුලක්. ඒ නිසයි අධ්‍යාපනය පිළිබඳ හැඟීමක් මට සහ මගේ සොහොයුරාට පුංචි කාලේ ඉඳලාම තිබුණේ. මම වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී හැදෑරුවේ දේශපාලන විද්‍යාව, චිත්‍ර ශිල්පය සහ සන්නිවේදන මාධ්‍යය. 2016 අවුරුද්දේ තමයි මම අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ. 2016 අවුරුද්දේ විභාගයේදී චිත්‍ර විෂයට අදාළ කරුණු කාරණා පිළිබඳව මට අපැහැදිලිතාවක් ඇති වුණා. විශ්වවිද්‍යාලට සුදුසුකම් ලැබිය යුතුයි කියන මානුෂික මට්ටමේ මම සිටි නිසා චිත්‍ර විෂය අතහැරලා ඉතිහාස විෂයට අදාළව මම කරුණු හැදෑරුවා. ඒ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙන්නටත් කලින්. නමුත් චිත්‍ර විෂයට අදාළව මට ‘බී’ සාමාර්ථයක් ලැබුණා. මගේ ඛ අගය 1.43යි. ඒ වෙද්දී කැලණිය විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගත්තේ ල අගය 1.45කින්. රුහුණ විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගත්තේ 1.42කින්. ඔය තත්ත්වය මත මට රුහුණ විශ්වවිද්‍යාලයට යා හැකි බව තේරුණා. මයුර බණ්ඩාර කියලා මට උසස්පෙළදී සන්නිවේදනය හා මාධ්‍ය උගන්වපු ගුරුවරයා රුහුණ සරසවිය පිළිබඳව විශාල චිත්‍රයක් මගේ හිතේ මවලයි තිබුණේ. ඔහු අපිව රුහුණ විශ්වවිද්‍යාලයට නැරැඹීමටත් රැගෙන ගියා. ඒ නිසා මට රුහුණ විශ්වවිද්‍යාලය එක්තරා දුරට සිහිනයක්. රුහුණ විශ්වවිද්‍යාලයට මාව තෝරා ගන්නත් කලින් මම මාතර ගියා. විශ්වවිද්‍යාලයට ආසන්නයේම බෝඩිමක් හොයා ගත්තා. මට වුවමනා වුණේ දේශපාලන විද්‍යාව ගැන විශේෂවේදී උපාධියක් ලබාගන්න. 2017.12.4 වැනිදා තමයි මම රුහුණ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වුණේ. ඒ වෙද්දිත් මම නතර වෙලා හිටියේ විශ්වවිද්‍යාලය ආසන්න බෝඩිමක. විශ්වවිද්‍යාලයේ ලියාපදිංචියට මාව රැගෙන යන්න මගේ මව නිට්ටඹුවේ සිට පැමිණියා. විශ්වවිද්‍යාලයේ ‍ෙදාරකඩදී අපිව පිළිගත්තේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන්. ඒ අය අපි අරගෙන ආපු බෑග් පවා තමන් අතට අරගෙන විශ්වවිද්‍යාලය පිළිබඳව අපේ තිබුණු සිහිනය දෙගුණ තෙගුණ කළා. කොහොම වුණත් මම පුංචි කාලේ ඉඳලාම මගේ සහෝදරයන්ට ගොඩක් හිතවත්.

දැන් ඔයා වුණත් වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපන ලැබූ කෙනෙක් කිව්වම සාමාන්‍යයෙන් මට කතා කරන පුවත්පත් කලාවේදියාට වඩා වෙනස් තැනකින් තමයි මම අරගන්නේ. ඒක ජීවිතයට දැනෙන දෙයක්. ඒ විධියට මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය සාමාජිකයොත් මට එදා දැනුණා. අපිව රෙජිස්ටර් කරලා කැන්ටිමට අරගෙන ගිහින් ඒ අය අපට බොහොම සුහදව කතාබහ කළා. විශ්වවිද්‍යාලයට අපිව පිළිගන්න ප්‍රධාන රැස්වීම තිබුණේ කලාපීඨ ශ්‍රවණාගාරයේ. ඒ උත්සවයට නැවත වරක් මගේ අම්මා පැමිණියා. කලාපීඨ ශ්‍රවණාගාරයේ අපට ආසන පනවලා තිබුණේ ඛ ලකුණු ක්‍රමය අනුව. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය ඒ රැස්වීමේදී කතා කළා. මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් කතා කරපු වැඩිහිටි සහෝදරයා පවසා සිටියේ පළමු, දෙවැනි සහ තෙවැනි අවස්ථාවක් විය  යුත්තේ අධ්‍යාපනය ලැබීම කියලා. ඔහු පුන පුනා ප්‍රකාශ කළා කිසිම අවස්ථාවක විශ්වවිද්‍යාලය තුළ නවක වධය ලබාදීමක් සිදුනොවන බව.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කිරීමට ප්‍රථම අපට තිබුණේ ඉංග්‍රීසි විෂය පිළිබඳ දැනුවත් වීමට නිරත වෙන්න. ඒ අවධියේදී මහා ශිෂ්‍ය සංගමය ඒගොල්ලන්ගේ ශිෂ්‍ය ව්‍යාපාරය ඉතිහාසය පිළිබඳව අපිව දැනුවත් කළා. ඒ අය පුන පුනා ප්‍රකාශ කළේ නේවාසිකාගාර පහසුකම් ලබාදිය යුතුයි කියලා. ආර්ථික අපහසුතා නිසා හැමෝම කැමැතියි නේවාසිකාගාර පහසුකම් ලබාගන්න. එදා දවසේ අපිව කොටස් දෙකකට බෙදුවා. නේවාසිකාගාර පහසුකම් ලබාගන්නා කණ්ඩායම සහ නේවාසිකාගාර පහසුකම් ලබානොගන්නා කණ්ඩායම විධියට. ඔය වෙද්දී අපට මහා ශිෂ්‍ය සංගමය මඟින් ෆයිල් කවරයක් ලබාදීලයි තිබුණේ. කලා පීඨය, ශාස්ත්‍ර පීඨය වගේ එක එක පීඨවලට අනුයුක්ත සිසුන් ඔය ෆයිල් එකෙන් තමයි හඳුනා ගත්තේ. මහා ශිෂ්‍ය සංගමයේ උදවිය විශ්වවිද්‍යාල ඇතුළේ කිසිම තැනකට අපට තනියම යන්න දුන්නේ නැහැ. වොෂ් රූම් එකට පවා යන විට මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් අප සමඟ.

ඒ වගේ අනවශ්‍ය මැදිහත්වීම්වලට මම කැමැති වුණේ නැහැ. කොච්චර අකැමැති වුණත් ඒ අය ඒ අයට කැමැති විධියට අපේ ජීවිතවලට මැදිහත් වුණා. ආදරණීය නංගී, මල්ලී, කිසිම දේකට බයවෙන්න එපා. නවක වධය කියලා දෙයක් රුහුණ විශ්වවිද්‍යාලය තුළ නැහැ කියලයි ඒ අය හැම වෙලාවකම කිව්වේ. නමුත් ඇත්තටම නවක වධය පටන් ගත්තේ 2017 දෙවැනි මස 21 වැනිදා. එදිනට පෙර තමයි අපේ බැච් එකට අදාළ ගැහැනු ළමයින්ට නේවාසිකාගාර පහසුකම් ලබාදුන්නේ. මහා ශිෂ්‍ය සංගමය  හැම වෙලාවකදීම අපට රැකවරණය ලබාදෙන බවක් ඇඟෙව්වා. නේවාසිකාගාරවලින් පිට ඉන්න අය පෞද්ගලික නේවාසිකාගාරවලට යද්දී පවා සොයා බැලුවා. ආර්ථික අපහසුතා සහ පෞද්ගලික නේවාසිකාගාර තුළ තියෙන අඩුපාඩු මත මමත් තීරණය කළා විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ලබාගන්න. පුස්තකාලය පරිහරණය කිරීමේදී පවා මහා ශිෂ්‍ය සංගමය අපේ ජීවිතවලට මැදිහත් වුණා. නවක වධය ආරම්භ කරපු දවසේ මහා ශිෂ්‍ය සංගමයේ උදවියගේ හැසිරීම් එකපාර වෙනස් වුණා. නොසෑහෙන්න කුණුහරුප කියාගෙන ඒ අය අප මත දරුණු පීඩනයක් මුදාහැරියා. මෙච්චර දවසක් අප සමඟ සිටි අපේම සහෝදරයෝද මේ කියන තරමට මම පුදුම වුණා.

විශ්වවිද්‍යාලයේ මෙඩිකල් සෙන්ටර් එක පවා ඒ අය ග්‍රහණයට අරගෙනයි තිබුණේ. නවක වධයට මුහුණ දීලා යම් කෙනෙක් මෙඩිකල් සෙන්ටර් එකට යද්දී එතැන ඉන්න අපේ වැඩිහිටි බැච් එකේ නෑයෝ අපිව බොරුවට සනස්සනවා. එතැනදී කියන්නේ නවක වධය නිසා ඇති වුණු පීඩනය දුරු කිරීම. මට මේක තේරුම් ගන්න පුළුවන් වුණා. මෙඩිකල් සෙන්ටර් එකේ ඉන්න අය කරන්නේ නවක වධයෙන් පීඩනය අඩු කරලා නැවත වරක් නවක වධයට මුහුණ දෙන්නට අපේ හිත සකසන එක. ඔය කාලසීමාවේදී අපි විශ්වවිද්‍යාල සිසුන් විධියට විරු සිසු ගීතය කටපාඩම් කළ යුතුයි. කටපාඩම් කර ගන්න බැරිවුණොත් මහා ශිෂ්‍ය සංගමයේ උදවිය දරුණු පීඩනයක් අප වෙත එල්ල කරනවා. කියන මහා ශිෂ්‍ය සංගම් සාමාජිකයා තමයි ඒ අවස්ථාවේදී නවක වධය මෙහෙයවන්නා බවට පත්වෙලා හිටියේ. ඔහු හැම අවස්ථාවකදීම පවසා සිටියේ ආදරණීය නංගී, මල්ලී විශ්වවිද්‍යාල තුළ, විශේෂයෙන් රුහුණ විශ්වවිද්‍යාලය තුළ නවක වධයක් නැහැ කියලයි. නවක වධයේ මූලික සැලැස්ම ඔහු අපට ඉදිරිපත් කළා. ඒ මූලික සැලැස්මට අනුව නවක වධය ඔවුන් හඳුන්වා දුන්නේ නවක නව්‍යකරණය කියලා. නවක නව්‍යකරණයේ පළමුවැනි පාඩම තමයි මහා තදය දැමීම. මහ තදය දැමීමේ මූලික විධිවිධානවලට අනුව අපි විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ සැරසී සිටිය යුත්තේ සරමකින් සහ කමිසයකින්. රැවුල කොණ්ඩය කැපීම ගැන පවා ඔවුන් උපදෙස් ලබා දුන්නා. ඔය වෙද්දී මම රුහුණ විශ්වවිද්‍යාලයේ මැද්දවන්නේ නේවාසිකාගාරයේ තමයි නතර වෙලා හිටියේ. 114 පොදු රැස්වීම් ශාලාවේදී අපිව අමතපු මහා ශිෂ්‍ය සංගමය නේවාසිකාගාර සංස්කෘතිය පිළිබඳව අපිව දැනුවත් කළා. නේවාසිකාගාරයක් තුළ හැසිරිය යුත්තේ මෙන්න මේ ආකාරයෙන් කියලයි ඔවුන් උපදෙස් දුන්නේ.

නාන විධිය, නේවාසිකාගාරය තුළ නිරුවතින් සිටිය යුත්තේ ඇයිද කියන ප්‍රශ්නයට තමයි ඔවුන් පිළිතුරු ලබාදුන්නේ. ඒ වැඩසටහන ඔවුන් හඳුන්වා දුන්නේ තෙල් කොළය ලෙස. නවක වධය ලබාදීමෙන් අනතුරුව ඔවුන් පුන පුනා ප්‍රකාශ කළේ අවංක හිනාව පෙන්වපන් කියන එක. ඒ කියන්නේ මොන ගැටලු තිබුණත් අප ඔවුන් සමඟ සුහදශීලීව සිනහ විය යුතුයි කියන එක. විශ්වවිද්‍යාලය තුළ ලබාදෙන නවක වධය පිළිබඳව කිසිවෙක් දැනුවත් කරන්න එපා කියලයි අපට උපදෙස් ලබා දුන්නේ.

නමුත් මම විශ්වවිද්‍යාල තුළ සිදුවෙන දෑ මගේ මවට සහ සොහොයුරාට පවසා සිටියා. ඔය අතරතුර විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වැරුමක් නිසා විශ්වවිද්‍යාලය ටික කාලයකට වසා දැමුවා. නැවත වරක් විශ්වවිද්‍යාලය ආරම්භ කළේ 2015 අප්‍රේල් 23 වැනිදායි. මේ වෙද්දී වැඩි පිරිසක් නේවාසිකාගාර පහසුකම් ලබාගෙන. එක ඇඳක 6 දෙනෙක් විතර නිදා ගන්නවා. ඒ අප්‍රේල් 23 වැනිදා තමයි අමානුෂික නවක වධය ආරම්භ කළේ. අප්‍රේල් 23 වැනිදා මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් අමානුෂික නවක වධය ආරම්භ කළා. 114 කාමරයේ ඇඳකට මාව දාලා වැටමාර පොල්ලකට කොණ්ඩම් එකක් දාලා අමානුෂික නවක වධය මෙන්න මේකයි කියලා අපට පෙන්නුවා. මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් ඒ වැටමාර පොල්ලට දාපු කොණ්ඩම් එක මගේ මූණේ පවා ගෑවා. මම හිතන්නේ නෑ ඒ අය එකම එක කොණ්ඩම් එකක් මේ සඳහා භාවිත කළා කියලා. මම ඒ අවස්ථාවේදීම මේ අමානුෂික නවක වධයට මගේ විරෝධතාව පළ කළා. එතැනදී සිදුවුණේ මට ලබාදෙන නවක වධය තව තවත් වැඩිවීම පමණයි. එදායින් පස්සේ අමානුෂික ලිංගික නවක වධයේ තවත් අදියර ගණනාවක් මට අත්දකින්න ලැබුණා. පළමුවැනි එක ඔවුන් නම් කළේ බෝංචි කැඩීම ලෙස. බෝංචි කැඩීම ලෙස හඳුන්වන නවක වධයේදී සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන් නිරුවත් දෙදෙනෙක් මුහුණට මුහුණ බලාගෙන තමුන්ගේ ලිංගේන්ද්‍රිය අනෙකා ලවා බඩට තට්ටු කිරීම. හැබැයි ඒ හැම අවස්ථාවකදීම ලිංගේන්ද්‍රිය අවදි නොවිය යුතුයි කියන නීතිය තිබුණා. දෙවැනි එක මවිල් පූට්ටු කිරීම. ලිංගික අවයවවල ඇති රෝම කූප ගැටගසා තමයි ඒ නවක වධය ලබාදෙන්නේ.

තුන්වැනි නවක වධය තමයි පූ කපුටන් ඇල්ලීම. පූ කපුටන් ඇල්ලීම කියන නවක වධයේදී සිදුවන්නේ නවක වධයට ලක්වන කෙනා තමුන්ගේ ලිංගේන්ද්‍රිය ඇඳෙන් පහළට දමාගෙන තිබීම. පක්මීයෝ ඇල්ලීම කියලා හඳුන්වන අතිශයින්ම දරුණු ලිංගික හිංසනයත් ඔය නවක වධයට අයත්. අවසාන නවක වධය තමයි රාජසිංහගේ අමුඩය. ලිංගේන්ද්‍රය එළියට හිටින්න අමුතු ආකාරයට සරමක් අන්දවා තමයි ඒ නවක වධය ලබාදෙන්නේ. මේ නවක වධය අවසානයේදී මහා ශිෂ්‍ය සංගමය පවසනවා විශ්වවිද්‍යාල අතර සුහද මාරුවක් පිළිබඳව. නුවන් තමයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සමඟ එකතු වෙලා මේ සුහද මාරු පිළිබඳව සිසුන් දැනුවත් කරන්නේ. මටත් වුවමනා වුණා කොළඹ විශ්වවිද්‍යාලයට සුහද මාරුවක් ලබාගන්න. මම කිව්වා තියෙන ආර්ථික අපහසුතා නිසා කොළඹ විශ්වවිද්‍යාලයට සුහද මාරුවක් ලබාදෙනවා නම් හොඳයි කියා. හැබැයි එතැනදී ඒ අය විශ්වවිද්‍යාල පාලනාධිකාරියත් ඒ අයත් එකට එක්කාසු වෙලා සිදුකරන සුහද මාරුව මඟින් හොයාගන්න උත්සාහ කරන්නේ නවක වධයට විරුද්ධ පිරිස් කවුද කියන එක. අපේ බැච් එක ඇතුළටත් ඒ අය ඔත්තුකාරයෝ දාලා හිටියා. ඒ කියන්නේ මහා ශිෂ්‍ය සංගම් ඔත්තුකාරයෝ. අමානුෂික නවක වධයෙන් පස්සේ ඒ අය අපට ඒ ඔත්තුකාරයෝ දෙන්නා පෙන්නුවා. ඒ ඔත්තුකාරයෝ දෙන්නා අපි වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා කියලා ඔවුන් ඉදිරියේ අපට අඬන්න කිව්වා. මේ පිසිකල් විධියට ලබාදෙන අමානුෂික නවක වධයෙන් පස්සේ බකට් රාත්‍රිය කියලා එකක් එනවා. ඒක අර්ධ නිදහසක්. හැබැයි මම හිතන් හිටියා එදායින් පස්සේවත් අපට නවක වධය අමානුෂික විධියට නොලැබෙයි කියලා. ඒත් එදා තමයි අමානුෂික ලිංගික නවක වධයේ කූටප්‍රාප්තිය උදාවුණේ. ලිංගේන්ද්‍රය කොහොඹ කොළයක් මඟින් තැවීම, සැ¼දැල්ල, හදගැස්ම, වගේ පත්තර පිටුවල මුල් පිටුවේ ඉන්න නිළියක්ගේ පින්තූරයක් බිත්තියේ අලවලා ඒ නිළිය සමඟ ලිංගිකව හැසිරෙන ආකාරය අපි පෙන්වන්න ඕනෑ. එහෙම නොකළොත් අමානුෂික නවක වධයේ තවත් කාණ්ඩ ගණනාවක්ම ඒ අය ක්‍රියාත්මක කරනවා. මේ අමානුෂික ලිංගික නවක වධයේ එක් විධියක් තමයි තමුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් පුද්ගලයන් දිගින් දිගටම පාවිච්චි කිරීම.

උදාහරණයක් විධියට යම් පුද්ගලයෙක් ඒ කියන්නේ මහා ශිෂ්‍ය සංගමයේ කෙනෙක් නේවාසිකාගාරය තුළදී අපේ ලිංගේන්ද්‍රීය ස්පර්ශ කරනවා. කවුරුහරි ඒක දැක්කොත් ඔහු පෙන්නන්නේ නවක වධයේ කොටසක් ලෙස. මේ අමානුෂික විඳගන්න බැරිව මම විශ්වවිද්‍යාල ගමන මම නතර කළා. ගම්පහ මූලික රෝහලේ නතර වෙලා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලබාගත්තා. රෝහල් පොලිසිය හරහා එච්.අයි.වී. වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටියා. මේ හැම අවස්ථාවකදීම මගේ මව තමයි මගේ සහායට හිටියේ. මගේ මව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හමුවට ගිහින් රුහුණ විශ්වවිද්‍යාලයෙන් මාව ඉවත් කර වෙනත් විශ්වවිද්‍යාලයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටියා. ඔවුන් රජරට විශ්වවිද්‍යාලය මට ලබා දුන්නා. රුහුණ විශ්වවිද්‍යාලය තුළ සිටින ජේ‍යෂ්ඨ ශිෂ්‍ය කටයුතු උපදේශක සමන් චන්දන මහතා මගේ මව සමඟ මුණගැසුණා. අප ඔහුගෙන් ඉල්ලා සිටියේ විශ්වවිද්‍යාල විභාගවලට මුහුණ දෙද්දී යම් සහනයක් ලබාදෙන්න කියලයි. විශ්වවිද්‍යාල විභාග ඔය කාලවකවානුවේ ක්‍රියාත්මක වුණේ උදෑසන 9.00-12.00 වනතෙක්. මම හැමදාම කඩවත ඉඳලා අධිවේගී මාර්ගය හරහා මාතරට යනවා. අම්මා තමයි හැම වියදමක්ම බලාගත්තේ. විෂයන් පිළිබඳ මට පූර්ණ දැනුමක් තිබ්බා. හැබැයි මම තීරණය කළා මේ නවක වධ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය මට හැකි අයුරින් සිදුකරනවා කියා.

2018 ඔක්තෝබර් 1 මට හොඳට මතක දවසක්. එදා තමයි මහා ශිෂ්‍ය සංගමය මට පහර දුන්නේ. ඒ පිළිබඳව මම කනිෂ්ඨ ශිෂ්‍ය කටයුතු උපදේශක ආචාර්ය ප්‍රනාන්දු මහත්තයාටත් නියෝජ්‍ය උපකුලපති නයන අලගියවන්න මහත්තයාටත් පැමිණිලි කළා. නමුත් ඒවායින් යම් සහනයක් හිමිවුණේ නැහැ.

මහා ශිෂ්‍ය සංගම් සාමාජිකයෙක් ඔය කාලවකවානුවේදී මට පහරදුන්නා. නමුත් ඔහුගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන තැනට මම ගියේ නැහැ. ඔහු වෙනුවෙන් ශාස්ත්‍ර පීඨ සභාපති පවා මැදිහත් වුණා. ඇතිවෙලා තිබෙන තත්ත්වය පිළිබඳ විශ්වවිද්‍යාල ආරක්ෂක මණ්ඩලය හරහා මම උපකුලපතිවරයා දැනුවත් කළා. එවකට උපකුලපති වුණේ සුජීව අමරසේන මහතා. ඔහු මගෙන් විමසා සිටියේ ඇයි පුතා ඔයාට විතරක් මෙවැනි දේවල් වෙන්නේ කියලා. මම ඔහුට සියලු විස්තර පැවැසුවා. ඔහු පුදුමයට පත්වුණා. ඔහු මට අවංකව පවසා සිටියා පුතා මෙවැනි දේකට විශ්වවිද්‍යාල මට්ටමෙන් මැදිහත්වීමක් කරලා පලක් නැහැ. ඒ නිසා ඔයා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන්න කියලා. ඒ අනුව තමයි මම මාතර පොලිසියට මේ අමානුෂික ලිංගික නවක වධය පිළිබඳ පැමිණිලි කළේ.

ජීවිතය මම බොහොම අමාරුවෙන් පටන් ගත්තේ. මගේ මවුපියන් පවා මං වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. මම විශ්වවිද්‍යාල ගියේ අරගල කිරීමේ බලාපොරොත්තුවෙන්. අරගල කිරීම කියා මම අදහස් කරන්නේ අසාධාරණයට විරුද්ධ වීම. නමුත් අසාධාරණය දැක දැක ඉවසා සිටින්නයි විශ්වවිද්‍යාල පද්ධතියම නැවත වරක් කියලා දෙන්නේ. ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වය නිසා මගේ මව අකාලයේ මිය ගියා. ඇය මට ගොඩක් සමීපයි. මේ අමානුෂික නවක වධය පිළිබඳව හෙම්බත්වීමෙන් පසු මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලබා ගත්තා. එච්.අයි.වී. පරීක්ෂණයටත් පෙනී සිටියා. ඒ හැම අවස්ථාවකදීම මට සවියක් වුණේ මගේ අම්මා. මගේ අම්මා ඔය අතරතුර මොළයේ නහරයක් පුපුරා යෑමෙන් මරණයට පත්වුණා. මම හිතන්නේ ඒ මරණයේ වගකීම මහා ශිෂ්‍ය සංගමය භාරගත යුතුයි කියලා. විශ්වවිද්‍යාලය ඇතුළේ ඇති තත්ත්වය ඔයයි. අපි හිතන තරම් ශුද්ධ ස්ථානයක් නෙවෙයි විශ්වවිද්‍යාලය කියන්නේ. මගේ මැදිහත්වීම මත මේ වෙද්දී රුහුණ විශ්වවිද්‍යාලයෙන් අමානුෂික නවක වධය තුරන් වෙලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් මම අරගල කරනවා. මම මුළු ජීවිත කාලයම කැප කරලා හරි මම උත්සාහ ගන්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම මේ නවක වධය තුරන් කරන්න.”


කතාව පින්තූර - 
ප්‍රභාත් අත්තනායක 

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka