Saturday, March 7, 2020

ගුරු භූමිකාවට විරාම තියලා සඳනි ආයෙත් රංගනයට කැපවෙන්න සූදානම්

සඳනි දැන් පුංචි තිරයේ පේන්න ඉන්නේ අඩුවෙන්.. ඇයි ඒ ?

ඇත්තටම මම පසුගිය කාලේ ගුරුවරියක් විදිහට කටයුතු කළා. ඒ නිසා ඒ වෘත්තියත් එක්ක කාර්යබහුල වුණා. ඒකත් එක්ක තමයි නිර්මාණ ගොඩක පේන්න ඉන්න බැරි වුණේ. මම සම්බන්ධ වුණ හුස්මක් තරමට සහ එක රෑනේ කුරුල්ලෝ කියන නාට්‍ය දෙක විකාශය වෙලා ඉවර වුණා.

හැබැයි ලංසුපතිනියෝ එක්ක සඳනි ප්‍රේක්‍ෂකයන්ට මුණ ගැහෙනවා?

ඔව්. මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නේ “ලංසුපතිනියෝ” නාට්‍යයට. ඒ නාට්‍යයෙන් තමයි
ප්‍රේක්‍ෂකයන්ට මාව මුණ ගැහෙන්නේ. සෑහෙන කාලයකින් තමයි ඒ නිර්මාණයෙන් මාව දකින්න ලැබුණේ.

තාමත් ගුරු වෘත්තියේ කටයුතු කරනවාද?

ගුරු වෘත්තිය කරන්න තමයි මම හැදෑරීම් කළේ. නමුත් ඒ වෘත්තියේ වැඩකටයුතු ටික කාලයකට නතර කළා. ඒ මගේ තව හීනයක් හැබෑ කර ගන්න ඕන නිසා.

මොකක්ද ඒ හීනය?

මගේම කියලා පෙර පාසලක් පටන් ගන්න සැලසුම් කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ දවස්වල කටයුතු කරගෙන යන්නේ. ඒ වගේ දෙයක් කරන්නන් වාලේ කරන්නත් මම කැමති නැහැ. ඒක හරි විදිහට සැලසුම් කරලා කරන්නයි මට ඕන.

ගුරු වෘත්තියට කාලය යොදවලා හිටපු සඳනිව දැන් අධ්‍යක්‍ෂකවරුන්ට මඟ හැරිලා ඇතිද?
මම ගුරු වෘත්තියට යොමු වෙලා හිටපු නිසා ගොඩක් අය හිතුවේ මම දැන් රඟපාන්නේ නෑ කියලා. නමුත් මම රංගනය අතහැරලා නැහැ. ආයෙත් මට රංගන කටයුතුවලට යොමු වෙන්න කාලය ඉතුරු වෙලා තියෙනවා. තව අවුරුදු දෙකහමාරක්, තුනක් මට රංගන කටයුතුවලට වෙන් කරන්න පුළුවන්.

අලුත් රංගන කටයුතුවලට ආරාධනා ලැබුණේ නැද්ද?

නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුණේ නැහැ. ගුරුවරියක් විදිහට කටයුතු කරන කාලේ එක නිර්මාණයකට ආරාධනා ලැබුණා. නමුත් ඒ චරිතය වෙනුවෙන් මට කොටට අඳින්න තිබුණා. මම ගුරුවරියක් නිසා එය භාරගන්නවද නැද්ද කියලා දෙපාරක් හිතන්න වුණා.

සඳනි සීමා තියාගෙනද නිර්මාණ භාරගන්නේ?
මම මට ගැළපෙන චරිත කරන්නේ. මුලින් තිබ්බ සීමා තාමත් තියෙනවා. ගුරු වෘත්තියේ නියැළෙද්දී ඒ ගැන හිතලත් තීරණ ගන්න වුණා. කොහොම වුණත් මට ගැළපෙන හොඳ දෙයක් නම් මම ඒක කරනවා.

ඔය සීමා දාගත්තේ ඔබමද? නැත්නම් සඳනිට වෙන කෙනෙක් සීමා දාලා තියෙනවද?
මට තියෙන්නේ මමම දාගත්ත සීමා. තමන් ඉන්න ඕන විදිහ දන්නේ තමන්මනේ. මගේ විදිහ එක්ක මම කළ යුතු දේවල් මම දන්නවා. ඒ එක්ක තෝරාගෙන තමයි නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.

සිනමාව ගැන සඳනිට බලාපොරොත්තුවක් නැද්ද?

සිනමාවට සම්බන්ධ වෙන්න මගේ කැමැත්තක් තියෙනවා. සිනමාවට මට ආරාධනා ලැබෙන්නේ නැත්තේ මගේ පොඩි පෙනුම නිසා වෙන්න ඇති. මට දැන් අවුරුදු 27 ක්. නමුත් මගේ පෙනුම පොඩි නිසා සිනමාව වෙනුවෙන් මට කතා කරන්නේ නැද්ද දන්නේ නැහැ. කොහොම වුණත් ගැළපෙන හොඳ චරිතයක් සිනමාවේ කරන්න මම කැමතියි.

සඳනිගේ ජනප්‍රියතාව අඩු වෙලාද?

මට එහෙම දැනෙන්නේ නැහැ. ගොඩක් අය මගෙන් අහනවා ඇයි වැඩිපුර පේන්න නැත්තේ කියලා. මට ජනප්‍රිය වෙන්න කියලා ලොකු අදහසක් නැහැ. ප්‍රේක්‍ෂකයෝ මට තාම ආදරෙයි. ඉතිං මට ඕනේ ඉදිරියටත් මම කරන දේවල් හරියටම කරන්න. එහෙම කළොත් ප්‍රේක්‍ෂකයෝ අපිට ආදරය කරාවි.

සඳනි දැන් පෙම්වතියක්නේ. ඒ ආදර කතාව ගලා යන්නේ කොහොමද?

මගේ ආදර කතාවට අවුරුදු තුනක්, තුනහමාරක් විතර වෙනවා. තාමත් ඒ පටන් ගත්ත ආදරය ඒ විදිහටම තියෙනවා. අපි රණ්ඩු වෙනවා. ආදරය කරනවා. අපි හොඳට තේරුම් ගැනීමකින් ජීවත් වෙනවා.

දැන්මම විවාහය ගැන තීරණයක් ගන්නේ නැද්ද?

මම ආදරය කරන කෙනා එයාගේ වෘත්තීය කටයුතුවලට විදේශගත වෙලා ඉන්නේ. තව අවුරුදු දෙකකින් විතර විවාහ වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

සඳනිගේ රංගන කටයුතුවලට ඔහුගෙන් බාධාවක් නැද්ද?

නැහැ. එයා දන්නවා මම තෝරා බේරා ගැනීම් එක්ක වැඩ කරන කෙනෙක් කියලා. රඟපාන දෙයක වැරැද්දක් දැක්කොත් එයා ඒක මට කියනවා. කවදත් එයා මගේ වැඩවලට බාධාවක් වෙලා නැහැ. හොඳ සහායක් එයාගෙන් මට ලැබෙනවා.


තිළිණි කෞශල්‍යා ව්ජේසිංහ


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka