Monday, March 30, 2020

කුඩු සික් තදවී රැඳවියන් යකා නටයි... අනුරාධපුර සිරගෙය යුද පිටියක් වෙයි...

සිරකරුවන් බන්ධනාගාර රෝහල කඩා සියලූ ඖෂධ බීලා..
බඩු ගබඩාව කඩා උදලූ කැති රැගෙන නිලධාරීන්ට පහර දීලා...!  

කොරෝනා වෛරසය ව්‍යාප්තවනු ඇති බවට අනිසි බියක් පළ කරමින් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සහ එම ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්
පිරිසක් අනුරාධපුර  බන්ධනාගාරයෙන් පලා යෑමට කලහකාරී ලෙස හැසිරෙමින් සිදුකළ නොසන්සුන්තාවක් හේතු කොටගෙන එම  බන්ධනාගාරය එකම යුද පිටියක් බවට පත් විය.

 පොලිසිය විසින් පනවා තිබූ ඇඳිරි නීතිය හමුවේ ඉකුත් 21 වැනිදා සවස රැුඳවියන් පිරිසක් සිදු කළ කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට යෑමේදී බන්ධනාගාර නිලධාරීන් සහ රැුඳවියන් අතර ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරියකු තැබූ වෙඩි ප‍්‍රහාරයකින් රැුඳවියන් දෙදෙනකු මියගොස් හය දෙනකු තුවාල ලැබූහ.

 එම අවස්ථාවේ රැුඳවියන් විසින් එල්ල කළ ගල් ප‍්‍රහාරවලින් තුවාල ලැබූ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකු ද ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

 කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීම හේතු කොට ගෙන ඥාතීන්ට රැුඳවියන් බැලීමට අවස්ථාව ලබා නොදීම, ඒ හේතු කොට ගෙන රැුඳවියන්හට මත්කුඩු ලැබීමේ මාර්ග ඇනහිටීම සහ බන්ධනාගාරය තුළ රැුඳවියන් රඳවා සිටින වාට්ටුවල ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීම යන හේතුන් මත රැුඳවියන් විසින් මෙම නොසන්සුන්තාව සහ මෙම කලහකාරී තත්ත්වය සිදුකර තිබිණි.

 සිද්ධිය වන අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ රැුඳවියන් එක්දහස් පනස් දෙනකු පමණ නේවාසිකව සිට ඇත. එදින සවස 4.30 ට පමණ එහි තුළ එළිමහනේ සිටි සියලූ රැුඳවියන් ඔවුන් නේවාසිකව සිටින වාට්ටුවලට ඇතුළත් කොට සාමාන්‍ය පරිදි සිර මැදිරිවලට දොරගුළු දමා ඇත.

 අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, අලෙවි කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනාවලට ලක්ව රඳවා සිටින එහි බී 02 - සිර මැදිරියේ රැුඳවියන් පිරිසක් සිර මැදිරිය තුළට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේ ප‍්‍රථමයෙන් එම රැඳවියන් විසින් මෙම කලහකාරී තත්ත්වයට මුල පුරා තිබිණි.

 එම අවස්ථාවේ මහල් දෙකකින් සමන්විත රැුඳවියන් දෙසිය අසූ දෙනකු පමණ රඳවා සිටි බී 02 වාට්ටුවේ රැුඳවියන්ගෙන් පිරිසක් එහි වහලයේ සිවිලිම කඩා වහලය මතට නැඟ කොරෝනා වෛරසය පැතිරී යෑම නිසා තමන්ගේ ජීවිතවලට ද තර්ජනයක් එල්ල වී ඇති බව ප‍්‍රකාශ කොට ඇත.

 එනිසා ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ලෙසට බලකර සිටිමින් ඔවුන් කලහකාරී ලෙස හැසිරීමට පටන්ගනු ලැබූහ.

 ඒ අතර සිටි තවත් රැුඳවියන් පිරිසක් ”අපට මත්ද්‍රව්‍ය හුරු කළේ උඹල. අපට මත්ද්‍රව්‍ය නැතිව ඉන්න බෑ. අපට මත්ද්‍රව්‍ය ගෙනත් දියව්. එහෙම නැතිව අපට ජීවත්වෙන්න බෑ” කියමින් කෑ කෝ ගසන්නට වූහ.

 එම අවස්ථාවේ එම සිර මැදිරියේම රඳවා සිටින තවත් රැුඳවියන් පිරිසක් බී - 02 වාට්ටුවේ බිම් මහලේ සිට වහලය මත රැුඳී සිටි රැුඳවියන්ට සහය පළ කරමින් උද්ඝෝෂණයක නිරතව සිට ඇති අතර එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් උත්සාහ කිරීමේදී තවත් පිරිසක් බන්ධනාගාරයේ මුළුතැන්ගේ කඩා එහි තිබූ උපකරණ පැහැරගනිමින් එහි තිබූ උපකරණවලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමට තැත්කර තිබේ.

 මේ අතර තවත් පිරිසක් බන්ධනාගාරය තුළ තිබූ මල්පෝච්චි කඩා ඒවායේ කැබලිවලින් සහ ගල් මුල්වලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමට පටන්ගෙන ඇත.

 ඒ සමගම ක‍්‍රියාත්මක වූ බන්ධනාගාර අධිකාරි සුගත් රෝහණ ලොකුගලප්පත්ති සහ ප‍්‍රධාන ජේලර් සමන්ත දහනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත බන්ධනාගාර රෝහලේ තිබූ මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ, සිරකරුවන්ගේ රක්ෂිත බලපත‍්‍ර බාහිර සුරක්ෂිත ස්ථානයක තබා අවි ගබඩාවේ තිබූ සියලූ ගිනිඅවි නිලධාරීන් භාරයට පත් කිරීමට පියවර ගෙන තිබේ. එම නිසා ඒවා රැුඳවියන්ගේ අතට පත්වීම වළකා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබුණි.

 එසේ නොවූයේ නම් රැුඳවියන්ට ඒවා තම සන්තකයට ගෙන බන්ධනාගාරය තුළ සහ ඉන් පිටතදී විශාල විනාශයක් සිදු කිරීමට ඉඩ තිබූ බව අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරියකු පැවසීය.

 ඒ සමගම වහා ක‍්‍රියාත්මක වූ තවත් රැුඳවියන් පිරිසක් අනිකුත් සිර මැදිරිවල දොරගුළු කඩා ඒවායේ සිටි සියලූ රැුඳවියන් ඉන් එළියට ගෙන ඔවුන්ගේ ද සහාය ඇතිව බන්ධනාගාර රෝහල කඩා රෝහලේ තිබූ ඖෂධ පැහැරගෙන ඒවා සියල්ලම පානය කොට ඇත.

 අනතුරුව ඔවුන් ගබඩාව කඩා එහි තිබු උදලූ, පිහි, අලවංගු සහ කැති ඇතුළු උපකරණ පැහැරගෙන බන්ධනාගාරයේ පාලනය සිය භාරයට නතුකර ගනු ලැබූහ. කාර්යාලයට කඩා වැදුණු රැුඳවියකු එහි තිබූ මෙගා ෆෝනයක් රැුගෙන සියලූ රැුඳවියන් මෙහෙයවා තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරය තුළ එදින සේවය කොට ඇත්තේ පහළොවකට ආසන්න නිලධාරීන් පිරිසක් පමණි.

 බන්ධනාගාර නිලධාරීන් සිය රාජකාරී  ගිනිඅවි ක‍්‍රියාත්මක කරමින් උඩට වෙඩි තබා බියගන්වා එහි පැවති තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඒ අනුව ක‍්‍රියාත්මක වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි සුගත් රෝහණ ලොකුගලප්පත්ති මහතා සිද්ධිය පිළිබඳව දැනුම්දී වහා අනුරාධපුර පොලිසිය කැඳවීමට පියවර ගත්තේය.

 ඒ අනුව වහා එහි පැමිණි අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා ඇතුළු පොලිස් කැරලි මර්දන කණ්ඩායම් බන්ධනාගාරයේ පැවති තත්ත්වය පාලනය කිරීමට සහ රැුඳවියන් බන්ධනාගාරයෙන් පලායෑම වැළැක්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් කැඳවා බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා තහවුරු කරනු ලැබූහ.

 මේ අතර බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිර මැදිරිවල සිටි කාන්තා රැුඳවියන් ආරක්ෂාව සඳහා බන්ධනාගාර බස් රථයකින් අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත අනුරාධපුර පොලිසිය වෙත පිටත් කර යැවීමට බන්ධනාගාර අධිකාරිවරයා විසින් පියවර ගත්තේය. අනතුරුව එදිනම රාත‍්‍රියේ වැඩිදුර ආරක්ෂාව සඳහා කාන්තා රැුඳවියන් වාරියපොළ බන්ධනාගාරයට පිටත් කර හැරීමට බන්ධනාගාර අධිකාරීවරයා පියවර ගනු ලැබිණි.

 සවස 5.30 ත් 6.15 ත් අතර කාලයේ  රැඳවියන් බන්ධනාගාරය තුළ ප‍්‍රධාන පිවිසුමේ පළමු දොරටුව කඩා ඇතුළුවී අනතුරුව දෙවැනි දොරටුව කඩා පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාගේ නියෝග මත නියාමකවරයකු විසින් සිය අවම බලය පාවිච්චි කරමින් රාජකාරී ගිනි අවියෙන් අවම රැඳවියන් දෙසට සහ උඩට වෙඩි තබා ඇත.

 එසේ නොවන්නට දරුණු ගනයේ අපරාධකරුවන් බොහෝ පිරිසක් ප‍්‍රධාන දොරටුවෙන් පලා යෑමට ඉඩ තිබූ බවත් පොලිසිය සහ බන්ධනාගාර නිලධාරීන් පැවසූහ.

 එම අවස්ථාවේ නියාමකවරයකු විසින් තැබූ වෙඩි ප‍්‍රහාර කිහිපයකින් පහත් වී ගෑස් සිලින්ඩර කීපයකට මුවා වී සැඟවී සිටියදී බරපතළ තුවාල ලැබූ රැුඳවියන් දෙදෙනකු ඇතුළු අට දෙනකු ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැුගෙන යෑම සඳහා බන්ධනාගාරයෙන් එළියට ගැනීමට රැුඳවියන් දෙසට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කිරීමට පොලිසියට සිදුවිය.

 අනතුරුව පොලිසිය විසින් බන්ධනාගාරයෙන් එළියට ගත් තුවාලකරුවන් ගිලන් රථ මඟින් රෝහල කරා පිටත් කර යැවූහ. ඉන් එක් අයෙක් රෝහලට රැුගෙන යනවිටත්

 මියගොස් සිටියේය. ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඉන් සුළු වේලාවකට පසු තවත් රැුඳවියකු මියගියේය.
 මේ අතරතුර සවස 6.30 පමණ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයේ තිබූ කොට්ට, මෙට්ට, ඇඳන්, ඇඳ ඇතිරිලි, කාර්යාල උපකරණ සහ මුළුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩර් ගොඩගසා ගිනිතබා පුළුස්සනු ලැබූහ. එම අවස්ථාවේ පොලිසිය ගිනි නිවන භට කණ්ඩායම් කැඳවා ගින්න පාලනය කිරීමට පියවර ගත්හ.

 මේ සියල්ල එසේ සිදුවෙද්දී තවත් රැුඳවියන් පිරිසක් බන්ධනාගාරයේ පිටත ප‍්‍රධාන තාප්පය අලවංගුවලින් සිදුරු කොට පලා යෑමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක්ව එය වැළැක්වීමට කටයුතු කරනු ලැබූහ.

 අනතුරුව පොලිසිය ශබ්ද විකාශන යන්ත‍්‍රයක් භාවිතයට ගනිමින් රැුඳවියන්ට යටත්වන ලෙසට ඉල්ලීමක් කර සිටියේය. එම ඉල්ලීමට ද රැුඳවියන්ගෙන් ප‍්‍රතිචාරයක් නොලැබිණි. ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය රාත‍්‍රි 8.00 පමණ වනතුරු විටින් විට අවස්ථා කිහිපයකදීම රැුඳවියන් දෙසට කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට සිදුවිය.

 පසු තත්ත්වය පාලනය කළ පොලිසිය රාත‍්‍රි 8.30 පමණ වනවිට බන්ධනාගාර නිලධාරීන්

 බන්ධනාගාරය තුළට යවා සියලූ රැුඳවියන් සිර මැදිරි පරීක්ෂාවට ලක්කර ඒවා තුළට කලහකාරී ලෙස හැසිරුණු රැුඳවියන් ඇතුළත් කොට ඉබි යතුරු දැමීමට පියවර ගනු ලැබූහ.

 ඉන්පසු බන්ධනාගාර නිලධාරීන් විසින් කාන්තා අංශය පරීක්ෂාවට ලක් කිරීමේදී කලහකාරී තත්ත්වය හමුවේ බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැඟිල්ලට නැඟ තාප්පයෙන් පැන කාන්තා අංශයට පැන පලා යෑමට එහි සැඟවී සිටි රැුඳවියකු අත්අඩංගුවට ගෙන තිබිණි.

 මෙම සිද්ධියේ මත්කුඩු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගත කොට සිටි අනුරාධපුර ඉපලෝගම කලාකරඹෑව පුගොල්ලෑව ප‍්‍රදේශයේ පදිංචිව සිටි කේ. එම්. ඒ. සමන් කුමාර සහ ගල්ගමුව උස්ගල

 සියඹලන්ගමුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි කේ. එල්. ඞී. අසංක පුෂ්පකුමාර යන සැකකරුවන් දෙදෙනා මියගියහ.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න සමරසිංහ මහතා විසින් ස්ථානීය සහ මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අනුරාධපුර මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.

 මේ අතර සිද්ධියෙන් මියගිය සැකකරුවන් දෙදෙනාගේ සිරුරු ඔවුන්ගේ ළඟම ඥාතීන්ට භාරදීමට කටයුතු කරන ලෙසටත් විනිසුරුවරයා පොලිසියට නියෝග කළේය.

 ඒ අනුව අසංක පුෂ්පකුමාර නමැති සැකකරුගේ දේහය භාරගත් ඔහුගේ මව විසින් අනුරාධපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබූ අතර, සමන් කුමාර නමැති සැකකරුගේ දේහය ඔහුගේ බිරිඳ විසින් ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව පොදු සුසාන භූමියේ මිහිදන් කිරීම සඳහා භාරගනු ලැබිණි.
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka