Monday, March 30, 2020

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවකු අල්ලයි

පාස්කු ඉරිදා, සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයේදී මඩකළපුව සියෝන් දේවස්ථානය තුළ බෝම්බ ප්‍රහාරය සිදුකළ පුද්ගලයා මෙහෙයවන ලද ප්‍රධාන සැකකරු ඊයේ මඩකළපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවා ඇත්තේද මෙම පුද්ගලයා බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි, පොල්හේන්ගොඩ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී ඊයේ (29දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවැසීය.

අත්අඩංගුවට පත්ව ඇති මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ ගල්කිස්ස, ගාලුපාරේ පදිංචිව සිටින අයකු බවත්, මොහු අනෙක් බෝම්බකරුවන් සමඟද සමීප සම්බන්ධකම් පවත්වා ඇද්ද යන්න සොයාබලන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් සඳහන් කළේය.

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ අඩපණ වී ඇති බවට, චෝදනා එල්ලවී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශන සක්‍රිය කර පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර, සැකකරුවන්ද අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස්වලින් අනතුරුව පරීක්ෂණ මෙහෙය වූ නිලධාරීන්ගේ යම් යම් වෙනස්කම් සිදුකර විශ්ලේෂණය කර විමර්ශන කටයුතු සිදුකිරීමේදී, මඩකළපුව, සියෝන් දේවස්ථානයේ බෝම්බ පිපිරවීම සිදුකළ බෝම්බකරු මෙහෙයවා ඇති ප්‍රධාන සැකකරු ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සාර්ථක තොරතුරු අනාවරණය කරගත හැකිවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් පැවැසීය.

මෙම බෝම්බ පිපිරවීමේ සිද්ධියට අදිසි හස්තයක් තිබේද යන්න පිළිබඳවත් විමර්ශන කෙරෙන බවද ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීමේ සිද්ධියට ලබන අප්‍රේල් 21 වැනිදාට වසරක් සම්පූර්ණ වන බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු අඩපණ වී ඇති බවට පසුගිය කාලයේ එල්ලවූ  චෝදනා සත්‍ය බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා හිතාමතාම විමර්ශන කටයුතු අත්හැරියාද යන්න පිළිබඳවත් පරීක්ෂණ 2ක් සිදුකෙරෙන බවත් පැවැසීය.

මෙම බෝම්බ පිපිරවීම් සිද්ධියට සම්බන්ධ බවට සැක පිට 31 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රඳවාගෙන විමර්ශන කරන අතර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 60 දෙනකු පමණ රඳවාගෙන විමර්ශනය කරන බවත් සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න, මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශන දෙකක් සිදු කෙරෙන බව සඳහන් කළේය.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නියෝග ලබාගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka