Monday, March 30, 2020

කොරෝනා දැයි සැක රෝගියාගේ මළ සිරුර ගෙදරට ගෙනියන්න නොදීපු නිසා කළුතර මහ රෝහලේ වෛද්‍යවරයකුට කරන්න හදපු දේ

 කළුතර නාගොඩ මහ රෝහලේදී මියගිය සැක සහිත කොරෝනා ආසාදිත රෝගියකුගේ මළ සිරුර නිවෙසට ගෙන යන්නට නොදී මුද්‍රා තබා ආදාහනය කිරීමට කළුතර තොටමුණ හදිසි මරණ පරීක්‍ෂක
එස්.ඒ. කුමසාරු මහතා නියම කිරීමෙන් පසු කළුතර මහ රෝහලේ  විශේෂඥ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජන කළ බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය නියම කළාය.

මියගොස් සිටියේ අළුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු වූ අතර ඇප නියම වූයේ ඔහුගේ බිරියට, දියණියට හා ඔවුන්ගේ ඥාතියකුටය.

උඹට කොරෝනා හැදෙන්න ඕන වාහනයකට හැපෙන්න ඕන, කියමින් තමාට දෝෂාරෝපණය කර දුරකථනයෙන් තර්ජනය කළ බව කියමින් කළුතර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය පූජිත දයාල් හේමචද්‍ර මහතා රෝහල් පොලිසියට යොමු කළ පැමිණිල්ල පසුව දකුණු කළුතර පොලිසියට යොමු කර තිබිණි.

දකුණු කළුතර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සාලිය මහතා මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වා තිබිණි.

මියගිය අයට කළුතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී ප්‍රතිකාර කළ මෙම විශේෂඥ වෛද්‍යවරයා පසුව ඔහු කළුතර මහ රෝහලට ඇතුළත් කරවා තිබූ අතර එහිදී ඔහු මියගිය අතර ඔහුට කොරෝනා රෝග ලක්‍ෂණ තිබූ බව වාර්තා කර තිබිණි.

මෙම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණය කළ කළුතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශි්‍රයන්ත අමරරත්න මහතා මොහුට කොරෝනා වයිරසය ආසාදනය  වී ඇතිදැයි නිශ්චය කිරීම සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පරීක්‍ෂණායතනයට යවන ලදී.

මේ අනුව මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ කළුතර තොටමුණ හදිසි මරණ පරීක්‍ෂක එස්.ඒ. කුමසාරු මහතා මළ සිරුර නිවෙසට ගෙන නොයන ලෙසත් සිරුර මුද්‍රා තබා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, ග්‍රාම නිලධාරි සහ පොලිස් නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ පැය කිහිපයක් තුළ ආදාහනය කරන ලෙස නියම කරන ලදී.

ඒ අනුව මළ සිරුර උතුරු කළුතර ආදාහනාගාරයේදී ආදාහනය කළ අතර ඥාතීන් වෛද්‍යවරයාට තර්ජනය කර තිබුණේ ඉන් අනතුරුවය.  මෙහිදී සැකකරුට සහ සැකකාරියන් දෙදෙනාට ඇප නියම කළ කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය මැයි මස 18 වැනි දිනට කල් තැබුවාය.  දකුණු කළුතර පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් ගුනේÂද්‍ර මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පයාගල - සුජිත් මාරියෝ


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka