වෙනත් දේහයක් මිහිදන් කිරීම සඳහා පිරිසක් මිනී වළක් කැණීමේදී මෙම දේහය මතුව තිබේ
වැලිමඩ පොලිස් බල ප‍්‍රදේශයේ හුළං කපොල්ල පොදු සුසාන භූමියේ තිබී කාන්තා මළ සිරුරක් පෙරේදා (07 දා) හමුව තිබිණ.
වැලිමඩ - නුවරඑළිය මාර්ගය අසල ඇති මෙම සුසාන භූමිය දෙසින් දුඟදක් හැමීම නිසා ප‍්‍රදේශවාසීන් ඒ පිළිබඳ සොයා බැලීමේදී මළසිරුරක කොටස් තිබෙනු දැක ඒ බව වහා වැලිමඩ පොලිසියට දන්වා තිබේ. වැලිමඩ පොලිසියේ නිලධාරින් වහා එම ස්ථානය පරීක්ෂා කර මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
පසුව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූයේ මෙම දේහය පසුගිය වර්ෂයේ මෙම සුසාන භූමියේ මිහිදන් කළ කාන්තාවකගේ මළ සිරුරක් බවයි. පසුගිය දිනෙක වෙනත් දේහයක් මිහිදන් කිරීම සඳහා පිරිසක් මිනී වළක් කැණීමේදී මෙම දේහය මතුව තිබේ. ඔවුන් කර ඇත්තේ එය ගොඩගෙන ඉතා අඩු ප‍්‍රමාණයක ගැඹුරකින් වළක් කපා එය නැවත මිහිදන් කර ඇති බවයි. අනතුරුව පසුගිය දිනෙක සුසාන භූමියේ සිදු කළ ශ‍්‍රමදානයකදී එය නැවත මතුව තිබේ. මේ පිළිබඳව වැලිමඩ වැඩබලන මහෙස්ත‍්‍රාත් එස්. බී. සමරකෝන් මහතා විසින් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදී. සහකාර පොලිස් අධිකාරි දිස්ත‍්‍රික් දෙක වී. බී. එච්. කළණසිරි මහතාගේ මඟපෙන්වීම් මත වැලිමඩ පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මදාස මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ සිදු කරන ලදී.
under the courtesy of divaina.com news web