Wednesday, March 11, 2020

පළමු ගුවන් මගීහු 181 දෙනා නිරෝධායන කටයුතු වෙනුවෙන් මඩකළපුවට... 164 දෙනෙක්ම ශී‍්‍ර ලාංකිකයෝ

 
මොවුන් අතුරින් 164 දෙනකු ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් වූ අතර ඉතිරි දෙදෙනා කොරියානු ජාතිකයෝ වූහ.
 
කටුනායක ගුවන් තොටුපළෙන් පැමිණි පළමු කණ්ඩායම වූ ගුවන් මගීහු 181 දෙනා ඊයේ (10 දා) උදෑසන මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු ලැබූහ. ‘කොවිඞ් - 19’ හෙවත් කොරෝනා වෛරස රෝගය ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

ඊයේ අලූයම 3.33ට දකුණු කොරියාවේ ඉන්චියොන් ගුවන් තොටුපළේ සිට කොරියානු ගුවන් සේවයට අයත් කේ,ඊ- 473 දරන ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගීන් 166 දෙනකු මේ සඳහා ප‍්‍රධාන වශයෙන් යොමු කර තිබුණි.
 
මොවුන් අතුරින් 164 දෙනකු ශ‍්‍රී ලාංකික ගුවන් මගීන් වූ අතර ඉතිරි දෙදෙනා කොරියානු ජාතිකයෝ වූහ.
 
මීට අමතරව තවත් ගුවන් යානා කීපයකින් ඉතාලියේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් 15 දෙනකු ද මෙම පළමු නිරෝධායන කණ්ඩායමට එකතු කර තිබුණි.
 
මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි සියලූම ගුවන් මගීන් කොවිඞ් - 19 රෝග ආසාදිත ලක්ෂණ පෙන්නුම් නොකළ බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සඳහන් කළේය.
 
මෙම පිරිස මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බස් රථ 5ක් සපයා තිබුණි. මෙම කටයුතු ද එම අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කර තිබුණි.
 
මෙම ගුවන් මගීන් මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත රැගෙන යෑම සහ ඔවුන් එහිදී රැක බලා ගැනීම ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරනු ලැබේ.
 
කටුනායක ගුවන් තොටුපළ වෙත දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ගුවන් මගීන් 10 වැනිදා සිට මේ ආකාරයට උදෑසන 6.00ටත් යළි සවස 6.00ටත් පිටත් වන විශේෂ බස් රථ මගින් ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැුගෙන යෑමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.
 
ඒ අතරතුර කාලයේ දී කටුනායක ගුවන් තොටුපළ වෙත ඉහත රටවලින් පැමිණෙන සියලූම ගුවන් මගීන්, මෙම බස් රථ මඩකළපුව බලා පිටත් වන තෙක් කටුනායක ‘එයාර්පෝට් ගාඞ්න්’ හෝටලයේ රඳවා තබන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka