Thursday, March 26, 2020

දවස් පඩියට වැඩ කරන දිළිඳු පවුල්වලට සලාක කාඩ් එකක්

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟම දෛනිකව රැකියා කිරීමට නොහැකි වී සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර මල්ලක් නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘මව්බිම’ට පැවැසුවේ මෙම ආහාර මල්ල ලබා ගැනීම සඳහා එම අඩු පහසුකම් ඇති පවුල්වල ගෘහමූලිකයාට ‘කාඩ්පතක්’ ලබාදෙන බවත් එම කාඩ්පත අදාළ සමුපකාරවලට හා සතොස වෙළෙඳසල්වලට ඉදිරිපත් කර එම ආහාර මල්ල ලබාගත හැකි බවත්ය.

සමෘද්ධිලාභීන් ඇතුළු එදිනෙදා රැකියා කරමින් ජීවිකාව ගැටගසා ගන්නා අඩු ආදායම්ලාභී අසරණ පවුල් වෙනුවෙන් මෙම ආහාර මල්ල නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇත. සහල්, පරිප්පු, පොල්, ලොකු ළුණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මේ යටතේ ලබාගත හැකිය. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාමසේවා නිලධාරීන්ගේ මාර්ගයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල තොරතුරු ලබාගැනීම ආරම්භ කර තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන මෙම පෝෂණ ආහාර ද්‍රව්‍ය ලබාදීමට අදාළව ලබාදෙන මෙම කාඩ්පතෙහි වටිනාකමට සමාන මුදලක් රජය මඟින් අදාළ වෙළෙඳසල්වලට ලබාදීමට නියමිතයි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka