Thursday, March 26, 2020

"අම්මා බෝම්බ ප්‍රහාර-වලින් බේරී ත්‍රස්තවාදීන් මඟ හැරියා. නමුත් කොරෝනා පැය 24ක් තුළ ඇගේ හුස්ම හිර කළා.." - ආදරණියයන් ඇස් පනාපිටම අහිමි කරන, හිත් පිත් නැති COVID 19

මේ වන විට ලෝකයේම අවධානය දිනාගත් කොරෝනා මුළු ලෝකයක් බිය ගන්වද්දි, කොරෝනාවට ගොදුරු වන ඇතැම් ජීවිත කාටත් නොකියා නික්ම යන්න අරන්.
ලෝකයේ ප්‍රබල රටවල්වල සිය ආධිපත්‍යය පතුරුවන්නට ඉදිරිපත් වූ කොරෝනා ඇමරිකාව එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයක්ම අත්පත් කරගෙන අවසන්.

එමෙන්ම, බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුටත් "කොරෝනා" වැළඳී ඇති බව, ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලන්ඩනය පුරා සැරිසරමින් සිටින "කොරෝනා" ගැන පසුගිය දිනෙක එරට අගමැතිවරයාද අනතුරු ඇඟවීමක් කර තිබුණා.

මේ සියල්ලක් අතරේ හදවත් කම්පා කරවන සුළු සංවේදී කතා බොහෝමයකුත් විදෙස් මාධ්‍ය වරින් වර වාර්තා කරනවා.

මේ එවන් කතාවක්.

පසුගිය සිකුරාදා ලන්ඩනයේ රෝහලකදී 83 හැවිරිදි රාචෙල් නම් වූ කාන්තාවකට මරු වැළඳගන්නට සිදුවූයේ COVID 19 නිසාවෙනුයි.

හිටපු හෙදියක් වූ රේචල් දුෂ්කර ළමාවියක් ගත කළ තැනැත්තියක් බව ඇගේ පුතුන් දෙදෙනා සඳහන් කරනවා. බිහිසුණු ත්‍රස්තවාදීන්, යුදමය වාතාවරණයන් තුළ සැරිසරමින් දිවි බේරාගත් ඇයට කොරෝනා හමුවේ මුහුණ දීමට නොහැකි වූ බවයි ඔවුන් හැඬූ කඳු‍ළින් පවසන්නේ.

"අම්මා අපිට බොහෝ දේ පවසන්න උත්සහා කළා. නමුත් ඇයට කියන්න බැරිවුණා. ඇය සිටියේ ජීවිතයත් එක්ක පොර බඳිමින්. මම හිතන්නේ සිදුවෙමින් පවතින දේ ගැන ඇය දැන සිටියා.."

රෝග විනිශ්චය කර පැය 24ක් තුළ ඇය අවසන් ගමන් ගොස් සිටි අතර එසේ එක්සත් රාජධානියේ බොහෝ පිරිසකට අවසන් ගමන් යන්නට සිදුව ඇත්තේ ද රෝග විනිශ්චය ලැබීමටත් පෙරයි.

"ඒක හරි ඉක්මනට සිද්ධ වුණා. ඒක හරියට හුස්ම හිරවීමක් වගේ..."

වයඹදිග ලන්ඩනයේ ජීවත් වූ රේචල් කැස්ස, උණ හේතුවෙන් 111 නාද කර රෝහල්ගත කර තිබෙනවා.

නමුත් මුලදී ඇයට "පපුවේ ආසාදනයක් පමණයි" බව පවසා නිවසට යවා ඇති බවයි වාර්තා වන්නේ. නමුත් ඉන් දින කිහිපයකට පසුවයි ඇය අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ.

ඇගේ මරණයෙන් පුතුන් දෙදෙනා මහත් කම්පනයට පත්ව සිටිනවා.





------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka