කොරෝනා වසංගතය නිසා මුලු ලෝකයම බියෙන් ඇලලිලා ඉන්න වෙලාවක් මේක. චීනය ඉතාලිය වගේ රටවල මේ වෙද්දී මේ ව්‍යවසනය හිතාගන්න බැරි තරම් දරුණු වෙලා හමාරයි. ලංකාවේ අපිත් තවදුරටත්
අපේ ආරක්ෂාව ගැන වගබලා නොගත්තොත් අපේ රටත් ඒ වගේම එකක් වෙන බවට සැක නැහැ. ඒ නිසා රටක් විදිහට එකතු වෙලා කොරෝනා මාරයා පැරදවීම මේ මොහොතේ අපේ ජාතික වගකීමක්.
අපේ ආරක්ෂාව ගැන වගබලා නොගත්තොත් අපේ රටත් ඒ වගේම එකක් වෙන බවට සැක නැහැ. ඒ නිසා රටක් විදිහට එකතු වෙලා කොරෝනා මාරයා පැරදවීම මේ මොහොතේ අපේ ජාතික වගකීමක්.
මේ අතරේ කොරෝනා වසංගතයෙන් වැඩිම හානි සිදුවුණ රටවල සෞඛ්‍ය කාර්යමණ්ඩල තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා පහුගිය කාලය පුරාවටම කළ සේවය ලෝකය පුරාම කතාබහට ලක්වන කාරණාවක් වුනා.
කොහොම වුනත් එවැනි රෝහල් කාර්ය මණ්ඩල සම්බන්ධව පහුගිය දින කිහිපය පුරා අන්තර්ජාලය පුරා හුවමාරු වුන සංවේදී ඡායාරූප කිහිපයක් අපි හිතුවා ඔබට පෙන්වන්න ඕන කියලා. මේ නිහඬ බව පිටුපස ඔවුන් විඳින වේදනාව කොතරම්ද කියලා ඔබට එවිට වැටහේවි.