වැඩිම ඇල්කොහොල් මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ කුසෙස්තාන් ප්‍රාන්තයෙන්
නීතිවිරෝධීව නිෂ්පාදනය කළ මත්පැන් විෂ මෙම මරණ වලට හේතු වී තිබෙනවා.
චීනයට පසුව වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉරානයේ ආසාධිතයන් 8000ක් පමණ වාර්තා වී ඇති අතර පුද්ගලයන් 291 දැනට මරණයටව් පත් වී ඇතැයි සඳහන්.
ඇල්කොහොල් මගින් වෛරසය වළක්වා ගතහැකි බවට පැතිර යන සාවද්‍ය තොරතුරු වලට රැවටී එරට සාමාන්‍ය වැසියන් මෙසේ නීති විරෝධී මත්පැන් පානයට යොමු වී තිබෙනවා.
වැඩිම ඇල්කොහොල් මරණ ප්‍රමාණයක් වාර්තා වන කුසෙස්තාන් ප්‍රාන්තයේ කොරෝනා හේතුවෙන් මියගොස් ඇත්තේ පුද්ගලයන් 18ක් පමණයිම. නමුත් ඇල්කොහොල් විශ වීම නිසා එම ප්‍රාන්තයේ සිදු වූ මරණ සංඛ්‍යාව 36ක් වනවා.