Monday, March 30, 2020

මාස 4ක මෙරට ලාබාලතම කොරෝනා රෝගියා අද උදේ රෝහලට - හැදුනේ සීයාගෙන් - පවුල් 200කට කෑමත් බෙදලා

මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා රෝගියා  අද පෙරවරුවේ හලාවත නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වුනා. නාත්තන්ඩියේ පදිංචි  මේ දරුවාගේ වයස මාස හතරක් වන අතර
මොහුට කොරෝනා වැලදී ඇත්තේ සිය සීයාගෙන් වීම විශේෂත්වයක්.

මේ දරුවාගේ සීයා ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණ කොරෝනා රෝග ලක්ෂණ සඟවා ගෙන සිට ඇති බව මේ වන විට  වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මේ දරුවාගේ සීයා පසුගිය  28 වැනි දින  කොළඹ උණ රෝහලට ඇතුලත් කල අතර මිත්තනිය පෙරේදා 29 කොළඹ උණ රෝහල වෙත යැවීමට හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවආරච්චි  විසින් පියවර ගන්නා ලදී .  මේ වන විට මේ පවුලේ සාමජිකයන් හයදෙනෙකු රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පස්දෙනෙකුට කොරෝනා  වෛරසය  ශරීර ගත වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ පවුලේ ප්‍රධානියා ඉන්දියාවේ සංචාරය කර  මෙරටට පැමිණීමෙන් අනතුරුව  පවුල් දෙසීයක් සදහා වියලි අහාර බෙදා දී ඇති අතර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සව දෙකකටද සහභාගී වී තිබෙනවා. මේ පුද්ගලයා ලඟින් ඇසුරු කල පුද්ගලයන් සියලු දෙනා මේ වන විට නිරෝධායනය සදහා යොමු කර ඇති බව ද ශ්‍රී ලංකා මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා.

හලාවත ප්‍රසාද් පුර්ණමාල්


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka