Sunday, February 23, 2020

නීතිය කඩන්නැයි රජයේ නිලධාරියෙකුට මන්ත‍්‍රී නවීන් තිත්ත හරුපෙන් බැණ වදී [VIDEO]




තමන්ට බලපෑම් නොකරන ලෙස නිලධාරියා කොතෙක් ඉල්ලා සිටියත් ඇමැතිවරයා ඉතා අශීලාචාර ලෙස නිලධාරියාට බැන වැදිලා

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා රාජකාරිය
කරමින් සිටි නාගරික සංවර්ධන අධිකාරි නිලධාරීන්ට දැඩි ලෙස තර්ජනය කරමින් බාදා කර තිබේ.

නුවරඑලිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි ඉදිකර තිබූ අනවසර ජංගම අවන්හලක් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය.

අදාළ අවන්හලේ බදු කාලසීමාව පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් වී ඇති නිසා එය ඉවත් කර ගන්නැයි කල දැනුම් දීම් නොතකා මෙතෙක් ඉවත් නොගැනීම හේතුවෙන් නිලධාරීන් පැමිණ එය ඉවත් කිරීමට ගිය අවස්ථාවේ දී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවිය.

රාජකාරිය සිදු කිරීමට පැමිණි තමන්ට බලපෑම් නොකරන ලෙස නිලධාරියා කොතෙක් ඉල්ලා සිටියේ ද ඇමැතිවරයා ඉතා අශීලාචාර ලෙස එහිදී නිලධාරියාට බැන වැදුණේය.

අවසානයේ නාගරික සංවර්ධන අධිකාරිය දැනුම් දුන්නේ පැය 48ක් ඇතුලත මෙම ගොඩනැගිල්ල ඉවත් කරගන්නා ලෙසයි.

මන්ත‍්‍රීවරයා විසින් අනියමින් මරණ තර්ජනය කල බව පසුව මාධ්‍ය අමතමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා පැවසීය.

under the courtesy of adaderana.lk news web


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka