Sunday, February 23, 2020

මිටි නිසා සමච්චලයට ලක් වුන ක්වේඩන්ට ඩිස්නිලන්තයට යන්න ලෝකෙ වටෙන්ම ඩොලර් 400 000 පරිත්‍යාග කරලා

ක්වේඩන් බේල්ස් කියන්නෙ ඕස්ට්‍රේලියාවේ ස්වදේශික පවුලක ඉන්න අවුරුදු 9ක පුංච් දරුවෙක්. 

ක්වේඩන්ගෙ අම්මා පසුගියදා අන්තර්ජාලයට නිකුත් කරපු වීඩියෝවක් නිසා මෙයා ගැන ලෝකයේ බොහෝ දෙනා අවධානය යොමු වෙලා තියෙනවා.
මේ පුංචි දරුවා උපතින්ම කුරු එහෙමත් නැත්නම් මිටි පුද්ගලයෙක්. ශාරීරික වෙනස්කම නිසා පාසලේ යාලුවෝ හැමදාම මෙයාව සමච්චලයට ලක් කරනවා. ඉතින් මේ වෙද්දි ක්වේඩන් තමන්ට ජීවිතය නැති කරගන්න ඕනි කියන තත්වයට පත් වෙන්න තරම් මානසිකව වැටිලා ඉන්න බව ඔහුගේ මව කියන්නෙ ඇඬූ කඳුලින්.

මොන තරම් හොඳ විශය අධ්‍යාපනයක් ලැබුවත් මිනිස්සුන්ට ගරු කරන්න, සදාචාරවත් විදියට ජීවත් වෙන්න කියල නොදෙන අධ්‍යාපන ක්‍රමය වගේම ළමුන්ගේ හැදියාව ගැන දෙමාපියන් දක්වන අඩු සැලකිල්ල නිසා ක්වේඩන් වගේ ලෝකෙ පුරා දහස් ගණනක් ළමුන් මේ වගේම අපහසුතාවයෙන් කල් ගෙවනවා.

ක්වේඩන්ගේ අම්මා නිකුත් කරපු ව්වීඩියෝවේදි ඇය ඉතාම ආදරයෙන් සහ බැගෑපත්ව මෙවැනි අයට හිරිහැර කරන්න එපා කියන ඉල්ලීම කරන්නේ එයාල මේ ගැටලු විසඳගන්න කොයිතරම් ඉවසීමෙන් කටයුතු කලත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙලා නැති බව වේදනාවෙන් මතක් කරමින්.

කොහොම වුනත් මානසික පීඩනයට ගොදුරු වුන මේ  පුංචි ක්වේඩන්ගෙ වීඩියෝව ලොව පුරා මිලියන ගණනක් සංවේදී මිනිසුන්ගේ අවධානය දිනා ගන්න සමත් වෙලා තිබෙනවා.

හියු ජැක්මන් වැනි ප්‍රසිද්ධ චරිත පවා මේ පොඩ්ඩාව දිරිමත් කිරීමේ අරමුණින් ඔහු වෙනුවෙන් තමන් සහ තවත් බොහෝ දෙනා සිටින බව කියන වීඩියෝ අන්තර්ජාලය එක් කරල තිබුණා.

එතැනින් නොනැවතුන අමෙරිකානු විකට නළුවෙක් වන බ්‍රැඩ් විලියම්ස් විසින් ක්වේඩන්ට ඩිස්නිලන්ත සවාරියක් එක්කන් යන්න ආධාර එකතු කරන්න GoFundMe පිටුවක් ආරම්භ  කරල තිබුණා.

ඩිස්නිලන්තයට යන්න අවශ්‍ය අමෙරිකානු ඩොලර් 10 000ක් එතු කිරීම ඔහුගේ අරමුණ වුනත් ලෝකෙ පුරා ඉන්න ආදරණීය මිනිස්සු ගොඩක් එකතු වෙලා මේ වෙනකොට ඩොලර් 440 000 පමණ ලබා දී තිබෙන බව විලියම්ස් තමන්ගෙ ට්විටර් ගිණුමේ සඳහන් වෙනවා.

මේ සියළු අමතර මුදල් මෙවැනි වෙනස්කම් සහිත දරුවන්ගේ අවශ්‍යතා වලට  යොදවන්නත් විලියම්සන් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

විලියම්සන්ගේ මේ උත්සාහය එක්ක ලොව ප්‍රසිද්ධ පුදගලයන් සහ සමාගම් ක්වේඩන්ට උදව් කරන්නත් ඔහුව දිරිමත් කරන්නත් ඉදිරිපත් වෙලා ඉන්නවා.

ෆිජි ගුවන් සමාගම ක්වේඩන්ගේ ඩිස්නිලන්ත සවාරියට නොමිලේ ගුවන් ටිකට්පත් දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා.

ඒ වගේම ලෝක රෙස්ලිං තරු කීපයක්ම ක්වේඩන්ව WrestleMania වෙත කැඳවාගෙන යන්න කැමැත්ත පළ කරල තිබෙනවා.

ජාතික රග්බි ලීගයේ Indigenous All Stars කණ්ඩායම තමන් සහභාගී වන තරඟයකට සහය දක්වන්න එන්න කියල පුංචි ක්වේඩන්ට ආරාධනාවක් යවා ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

මේ කුඩා දරුවා වගේම ශාරීරික අපහසුතා නිසා අනුන්ගේ සමච්චලයට ලක්වෙන කුඩා දරුවන් එයින් ගලවා ගන්න හිතාගෙන ක්වේඩන්ගේ අම්මා නිකුත් කරපු මේ වීඩියෝව මේ වනවිටත් ලොව පුරා මිලියන ගණනක්ගේ ඇස්  ඇරවන්නට සමත් වෙලා තිබෙනවා.

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka