Sunday, February 23, 2020

තම ආදරණීය පියාණන්ගේ දැත් මතම අවසන් හුස්‌ම හෙළා විහඟ ජීවිතයට සමු දෙයි

කිත්සිරි තම පුතා සොයා බැලූ නමුත් විහඟ පුතා දක්‌නට හිටියේ නැත.

දඹුල්ල, යාපාගම ජය මාවතේ පදිංචි කිත්සිරි අරියරතන හා ක්‍රිෂානි ඉමේෂා යන දෙපළට දරුවන් දෙදෙනෙකි. විහඟ ගිම්හාන් වැඩිමල් දරුවාය. දෙවැනි දරුවා නීතික සංදේශ ය.
ඔවුන් සිව්දෙනා තම ගම්මානයේ හා සුමංගලපුර ගම්මානයේ තවත් පිරිස්‌ සමග ශ්‍රී පාද වන්දනාවේ යැමට දඹුල්ලෙන් පිටත් වූයේ උදෑසන 6.00 ට පමණය. මේ වන්දනා ගමනට යැමට පෙර ආසන්නයේම පිහිටි දඹුලු විහාරයට මෙන්ම ශ්‍රී විෂ්ණු දේවාලයට ද ගොස්‌ ඔවුහු ආශිර්වාද ලබා ගැනීමට ද අමතක නොකළහ.
 
බස්‌ රථය ගමන් ආරම්භ කරන මොහොත වන විට ප්‍රදේශය පුරා මඳ වැසි බර කාලගුණයක්‌ පැවැතිය ද කතිකා කරගත් පරිදි ගමන යැමට සියලුම දෙනා ලක ලෑස්‌ති වී සිටියහ. යාපාගම ප්‍රදේශයේම චාරිකා සඳහාම කා අතරත් ජනප්‍රිය වජිරගේ බස්‌ රථයෙන් ගමන යැමට කවුරුත් පාහේ කැමැත්ත ප්‍රකාශ කර තිබුණේ ඔහු පළපුරුදු රියෑරෙක්‌ නිසාවෙනි.
 
මුහුණට මුහුණලා ගැටීමට ගිය බස්‌ රථය පාලනය කර ගන්නා විට බස්‌ රථ දෙකේම රියෑදුරු අසුන් පිහිටි ආසන්නයෙන්ම වාගේ ගෑවී නොගෑවී බස්‌ රථය ධාවනය කරවීමට උත්සහා දරුවත් වජිර ධාවනය කරමින් තිබූ බස්‌ රථයේ පිටුපස තමන් මොහොතකට ඉස්‌සර කළ පිටි තොගය රැගත් කන්ටේනටරය ගැටුණි. ඒ මහා හඬක්‌ නංවමිනි. ඇසිල්ලකින් ඉදිරියෙන් පැමිණි මඩකලපුව බස්‌ රථයේ ද ගැටී මහා හඬක්‌ නඟමින් බස්‌ රථ දෙක නතරවිණි.
 
තුවාලකරුවන් මර ලතෝනි දෙමින් කෑ ගසන විට කිත්සිරි වහාම අවධානය යොමු කළේ තමා සමග බස්‌ රථයේ අසුනේ වාඩිවී සිටි විහඟ පුතා ගැනය. බස්‌ රථය අනතුර සිදුවීමට මොහොතකට පෙර මවගෙන් හා පියාගෙන් අවසර ගෙන විහඟ තමා හොඳින් දන්නා හඳුනන බස්‌ රථයේ රියෑරු වජිර මාමා අසලටම ගියේය.
 
අනතුරත් සමග සුළු තුවාල ලබා කිත්සිරි තම පුතා සොයා බැලූ නමුත් විහඟ පුතා දක්‌නට හිටියේ නැත. බස්‌ රථයෙන් එළියට පැන සොයා බලන විට විහඟ පුතා සිටියේ බස්‌ රථයෙන් ඉවතට විසිවී බරපතළ තුවාල ලබා ය. කිත්සිරි වහාම තම දරුවා දෑතට ගෙන උදව් ඉල්ලා කෑ ගසා සිටියේය. ඒත් සමගම යතුරුපැදියක්‌ ගෙන පැමිණි අයකු ඔහුට පිහිට විය. ඔහුගේ යතුරුපැදියේ පිටුපස අසුනේ නැඟී තම දරුවාද රැගෙන නාලන්ද රෝහලට යනවිට තම දෑත් මත විහඟ අවසන් ගමන් ගොසිනි.
 
මව ක්‍රිෂානි බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබේ. විහඟගේ මල්ලී සංදේශ ද තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. දඹුල්ල ප්‍රාථමික විදුහලේ දීප්තිමත් දරුවකු ලෙස ඉගෙනුම් කටයුතු කළ විහඟ එම පාසලේ ශිෂ්‍ය නායකයකු විය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලට ගොස්‌ සති කීපයකි.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka