Friday, February 7, 2020

තඹලගමුවේ කන්ටේනරයකින් හමුවූ පිලිස්සුණු මළ සිරුර ඝාතනයක් බව හෙළි වෙයි - හිටපු LTTE සාමාජිකයෙකු පොලිස් දැලේ

න්තලේ - තඹලගමුව - පාලම්පටාර් පාලම අසල කන්ටේනර් රථයක තිබී පසුගියදා පිලිස්සුණු පුද්ගල මළ සිරුරක් සොයා ගත් සිද්ධිය ඝාතනයක් බවට හෙළි වී තිබෙනවා.
ඒ එහි රියදුරා ඉන්දියාවට පලා යාමට මන්නාරම ප්‍රදේශයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන පොලීසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදීයි.

මොහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු බවට ද, මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

ගිනිගත් මෙම කන්ටේනර් රථය පසුගිය පළවනදා පොලීසිය විසින් සොයා ගනු ලැබුවේ ත්‍රිකුණාමලය - කන්තලේ අතර පිහිටි පාලම් පටාර් පාලම අසල නවතා තිබියදීයි.

සිදුකළ පරීක්ෂාවේදී රියරුදු අසුනට පිටුපස තිබී පිලිස්සුණු පුද්ගල මළ සිරුර සොයා ගත් අතර, එය රථයේ රියදුරාගේ බවටයි පොලීසිය පළමුව සැක කළේ.

එහෙත්, කන්ටේනර් රථය කින්නියා ප්‍රදේශයේ සිට වී රැගෙන මැදිරිගිරිය ප්‍රදේශයේ ලී මෝලක් වෙත ගොස් ඇති බවත්, රියදුරාට අමතරව, තවත් පුද්ගලයෙකු ලොරි රථයට ගොඩවන අයුරුත්, සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමේදී පොලීසිය හඳුනා ගනු ලැබුවා.

උප්පුවේලි - මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු තඹලගමුව පොලීසියට පැමිණිලි කර තිබුණේ ඒ අතරතුරයි.

පරීක්ෂණවලදී කන්ටේනර් රථයේ පැමිණි අනෙක් පුද්ගලයා අතුරුදන්වූ පුද්ගලයාම බවට අනාවරණ වූයේ පැමිණිලිකරු විසින් රථයේ තිබී සොයා ගත් කමිසය අදාළ පුද්ගලයාගේ බවට හඳුනා ගැනීම හේතුවෙන්.

ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදුකළ පොලීසිය දුරකථන දත්ත මාර්ගයෙන් මන්නාරම් ප්‍රදේශයට පලාගොස් සිටි එහි රියදුරා වශයෙන් කටයුතු කළ සැකකරු ඊයේ අත්අඩංගුවට ගත්තා.

සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ අදාළ වී තොගය මැදිරිගිරියේ මෝලට ගොඩ බා නැවත පැමිණීමේදී ඔහුගේ නිවසේ අසල්වැසියෙකු වූ මියගිය පුද්ගලයා සමග තමන් වැවක ස්නානය කළ බවයි.

පසුව, ඔවුන් බීර බෝතලයක් සහ මත්පැන් බෝතලයක් මිලදී ගෙන පැමිණෙන අතරතුර පානය කළ බවත්, මියගිය පුද්ගලයා රියදුරු අසුනට පසුපස නින්දට ගිය පසු ලොරි රථය මාර්ගය අසල නවතා ඊට ගිනි තැබූ බවත් සැකකාර රියදුරා පොලීසියට පවසා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ මෙම රියදුරු කිලිනොච්චිය ප්‍රදේශයේදී සිය මිතුරෙකු සමග එක්ව ඇගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියක සැකකරුවෙකු බවයි.

තමා මියගිය බව අඟවා බිරිඳ ලවා මරණ සහතිකය ඉදිරිපත් කර කාන්තා ඝාතන සිද්ධියට අදාළ නඩුවෙන් නිදහස් වීමට ඔහු මෙම පුද්ගල ඝාතනය සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බව එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka