Friday, February 7, 2020

කාන්තාවන්ට ලොල් වූ බැංකු නිලධාරියා වෙත තම හිතවතියක් වූ රේණුකා යවා එහි දර්ශන රූගත කර කප්පම් ගත් සේනකට සිදු වූ දේ

මිනිස්සු බිය ගන්වමින් කප්පම් ගැනීමේ සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ කළුබෝවිල පොලිස් බල ප්‍රදේශයෙනුයි.
පියදාස කළුතර ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවෙක්. මේ වන විට ඔහුගේ වයස අවුරුදු හැට හතරක්. කෝටි ගණනක දේපලක් ඔහු සතුයි. පියදාස රැකියාව කළේ පෞද්ගලික බැංකුවකයි. එහි උසස් තනතුරක් දැරූ ඔහු වසර ගණනාවක සේවයෙන් පසු බැංකුවෙන් විශ්‍රාම ගොස් සිය නිවසට වී සැදෑ සුවය ගත කළා.

පියදාසගේ බිරිය හා දරුවන් සිටියේ විදේශගතවයි. නිවසේ විසුවේ ඔහු පමණයි. පියදාස කාන්තා ඇසුරට ප්‍රිය කළ අයෙක්. වයසට ගියත් කාන්තාවන්ට දක්වන කෑදරකම ඔහු ළඟ අඩුවක් නැතුව තිබුණා. පාළුව තනිකම විඳ දරාගෙන ඔහු සිය නිවසේ තනිවම ගත කළ ද තරුණ කතුන්ගේ පහසට ඔහු දැඩි ගිජුකමක් දැක්වූවා.

සේනක, පියදාස මහත්තයාගේ නිවසට යාබද පදිංචිකරුවෙක්. පියදාස මහත්තයා ගෑනු ඇසුරට දැඩි ප්‍රියතාවයක් දක්වන බව සේනක හොඳින් දැන සිටියා.

සේනක මේ ගැන නිතර නිතර පියදාසට කීවා.

"මහත්තයා කවුරු හරි ගැනු කෙනෙක් වැඩට ගත්තොත් හොඳ නැද්ද?"

"කෝ බං ඉතින් එහෙම කෙනෙක් නැහැනේ උඹට බැරිද මට හොයලා දෙන්න..."

"මම දන්න හඳුනන ගෑනු කෙනෙක් ඉන්නවා මම අහලා බලන්නම්කෝ..."

සේනක පියදාස මහත්තයාගේ සිත සතුටු කරමින් කීවා. අවසානයේ සේනක මේ බව තම මිතුරෙකුට ද කීවා.

"ඕකට ගෑනියෙක් දීලා අපි සල්ලි කඩා ගනිමු..."

"ඒක නම් හොඳ අදහස.."

"ඉඳපන්කෝ... මම ගහන්නම් ප්ලෑන් එකක්.." පියදාසට කාන්තාවක් ලබාදී ඔහුගෙන් මුදලක් ලබාගැනීම ඔවුන්ගේ අදහස වුණා.

ඒ අනුව පසුගිය දිනෙක සේනක පියදාස මහත්තයා හමුවන්නට ගියේ මැදිවියේ කාන්තාවක් ද සමඟයි. ඇය නමින් රේණුකා. තිස්තුන් හැවිරිදියි. යුද හමුදා භටයෙකුගේ බිරියක් වූ ඇය කළුතර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පියදාසට තමා ගෙනා කාන්තාව පෙන්වූ සේනක, ඇය ඔහුගේ නිවසේ වැඩකරදීමට කැමති බවද කීවා. රේණුකා ද ඒ බව හඟවමින් පියදාස ඉදිරියේ තොඳොල් වුණා. ඇය හා කතාබස් කළ පියදාසට රේණුකාගේ ක්‍රියාශීලිත්වය ගැන පැහැදීමක් ඇති වුණා. අවසානයේ ඇය පියදාසගේ නිවසේ වැඩපළ කරදීමට කැමති වුණා.

පඩි නඩි ද කතාබහ කිරීමෙන් අනතුරුව උදෑසන පියදාසගේ නිවසට එන රේණුකා ඔහුගේ ගෙදර අතුපතු ගා උයාපිහා වත්ත පිටියේද වැඩ කරදී හවසට සිය නිවසට ගියා.

දිනෙන් දින මෙසේ කාලය ගත වෙද්දි ගෙදර වැඩපළවලට අමතරව රේණුකා පියදාස මහත්තයාගේ පෞද්ගලික වැඩවලට ද උදව් දුන්නා. ඇය පියදාස සමඟ අඹුසැමියන් ලෙස ද හැසිරුණා.

පසුකාලීනව ඇය මේ බව තමා පියදාසට හඳුන්වා දුන් සේනකට ද කීවා.

"දැන් තමයි වැඩේ හරි. උඹ අපි කියන විදිහට වැඩ කරපන්.. අපි මුගෙන් ගානක් කඩා ගමු.. උඹටත් කොටසක් දෙන්නම්.."

මෙලෙස ඇය දැනුවත් කළ සේනක තම මිතුරෙකු වූ මොහාන් යන අයට මේ බව දැනුම් දුන්නා. ඔහු හා එකතුව පියදාසගෙන් මුදල් ලබාගැනීමේ ක්‍රමයක් ද සකස් කළා.

එතැනින් එහාට ඇති වූ සිද්ධිය පොලිස් නිලධාරියෙකු කීවේ මෙසේ යි.

"ඉන්පස්සෙ මේ මනුස්සයා ඔය බැංකු නිලධාරියාගේ ගෙදර කාමරයක කැමරාවක් අටවනවා. ඒත් මේ බව බැංකු නිලධාරියා දන්නේ නැහැ. එදා බැංකු නිලධාරියත් ඔය කාන්තාවන් ඒ කාමරේ අඹුසැමියන් විදිහට ඉන්නවා. ඒ සේරම අර කැමරාවේ පටිගත වෙනවා. ඒ අතර ඔය සේනක කියන මනුස්සයා එකපාරටම ඒ කාමරයට ඇතුළු වෙලා 'ආ පියදාස මහත්තයා' තමුසෙ මාර මිනිහෙක්නේ. මොකද්ද මේ කරන්නේ' කියාගෙන එනවා. පියදාස බයවෙනවා. ගෑනු කෙනා නිරුවතින්ම කාමරයෙන් පිටවෙලා යනවා.."

"පස්සෙ කැමරාවේ තියෙන නිරුවත් රූප රාමු අන්තර්ජාලයට දානවා කියලා පියදාසගෙන් ලක්ෂ 40ක් ඉල්ලනවා. බය කරලා කෝල් දෙනවා. බැංකු නිලධාරියා බය වෙනවා. ඒ පින්තූර ඉන්ටනෙට් එකට දැම්මොත් පිටරට ඉන්න දරුවෝයි බිරියයි ඒක දකිවී කියලා මිනිහා මුලින් පනස් දාහක් දෙනවා. පස්සෙ ලක්ෂ 40 ලක්ෂ 50 ඉල්ලනවා. ඒත් බැංකු නිලධාරියා එහෙම සල්ලි දෙන්න කැමති වෙන්නේ නැහැ. පස්සෙ ඒ පින්තූර බැංකු නිලධාරියාගේ ෆෝන් එකටත් එවනවා. මිනිහා තවත් බය වෙනවා. බැරිම තැන බැංකු නිලධාරියා මේ බව අපේ ඕ.අයි.ජී. සර්ට කියනවා..."

නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ නියෝග මත මේ පිළිබඳ පරීක්ෂණ බාරවුයේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයටයි. එහි ස්ථානාධිපතිවරයා වූයේ පොලිස් පරීක්ෂක නිලංග සංජීවයි.

ඔහු විශ්‍රාමික බැංකු නිලධාරියා ගෙන්වා පැමිණිල්ලක් සටහන් කරගත්තා.

"ඔක්කොම ලක්ෂ 40ක් ඉල්ලනවා. දැනට මම පනස් දාහක් දුන්නා. අද ලක්ෂ 2ක් ඕන කියනවා. මේක හරිම කරදරයක් සර්.. මාව මේ කරදරෙන් බේරලා දෙන්න..."

"එහෙනම් අපි කියන විදිහට ඔයා වැඩේ කරන්න. ලක්ෂ දෙක දෙන්න කැමතියි කියලා කොතනටද එන්න ඕන කියලා අහන්න. අපි ලක්ෂ දෙක ලෑස්ති කරලා දෙන්නම්.."

මෙසේ සැලැස්මක් ක්‍රියාත්මක කර අනතුරුව කප්පම්කරු හා බැංකු නිලධාරියා අතර සංවාදයක් ඇතිවුණා.

ඒ අනුව පොලිසිය දුන් කප්පම් මුදල් පාර්සලයට රැගෙන බැංකු නිලධාරියා ඔහු ඉදිරියට ගියා. ඒ මොහොතේම පොලිස් නිලධාරින් කප්පම්කරුව කොටු කරගත්තා.

කප්පම්කරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ ඔහු තෙබුවන ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු බවයි. සැකකරු වෘත්තියෙන් වැලි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු පෙනී සිට ඇත්තේ අන්තර්ජාලයේ වීඩියෝ දර්ශන මුදාහරින අධ්‍යක්ෂකවරයෙකු ලෙස යි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නිලධාරින් ඉදිරියේ පැවසුවේ සේනකගේ කීම මත විශ්‍රාමික බැංකු නිලධාරියාගෙන් මුදල් ලබාගැනීම සඳහා මෙසේ පැමිණි බවයි.

සැකකරු පැමිණි මෝටෝරිය ද විශ්‍රාමික බැංකු නිලධාරියා කාන්තාවක් සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන වීඩියෝ පටය ද සැකකරුගේ ජංගම දුරකථනය ද මුදල් පාර්සලය ද නඩු භාණ්ඩ ලෙස පොලීසිය සිය භාරයට ගත්තා.

සේනක නැමැත්තාද විශ්‍රාමික නිලධාරියා සමඟ අඹුසැමි සම්බන්ධකම් පැවැත්වූ කාන්තාව ද මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කීර්ති මෙන්ඩිස්

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka