ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානා මිලදී ගැනීමේදී 2013 වසරේ සිදුවු බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන
විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබුණා. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ හතේ පිහිටි ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ එහි ඔවුන් සිටියේ නැති බව රහස් පොලිසිය විසින් කරුණු වාර්තා කර තිබුණා.
මේ හේතුව නිසා කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක රටින් පලා ගොස් ඇති බවට ද වාර්තා පළ වුණා. නමුත් මේ වන විට කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී ඇති බවයි වාර්තා වන්නේ.
එසේ භාරවීමෙන් පසු ඔවුන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවා අරංචි මාර්ග සඳහන් කරනවා.