Sunday, February 9, 2020

කටුනායක ගුවන්තොටුපලේ පිළිගැනීමේ නිලධාරිනියකට "කොරෝනා" රෝග ලක්ෂණ මතුවෙයි - වහාම IDH රෝහලට ඇතුලත් කරලා

චීනයේ වූහන් ප්‍රාන්තය හරහා පැතිර යන මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාධනයවු බවට සැකකරන කටුනායක බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපලේ සේවයේ නියුතු තරුණියක
අනුරාධපුර ශික්ෂන රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ඇයට කොරෝනා රෝග ලක්ෂන මතුවි ඇති හෙයින් ඇයව කොළඹ පිහිටි බෝවන රෝග ඒකකයට(IDH රෝහල) යැවීමට රෝහල් බලධාරින් පියවර ගනු ලැබිය.

පසුගිය (07දා)සිකුරාදා දිනයේ උණ රෝගයෙන් පෙළුණු තරුණ සේවිකාව ප්‍රතිකාර ලබාගැනීමට අනුරාධපුර ශික්ෂන රෝහලේ බාහිර රෝගි ඒකකයට පැමිණ තිබු අතර ඇය පරික්ෂාවට ලක්කල වෛද්‍යවරයා ඇයට නව කොරෝනා වෛරසය ආසාධනයවි ඇති බවට මූලික පරික්ෂන වලදි නිගමනය විම නිසා ඇයව වහාම ආරක්ෂිත ස්ථානයකට යොමුකිරිමට පියවර ගෙන තිබුණි.

අනුරාධපුර ශික්ෂන රෝහලේ නව කොරෝනා වෛරසය වැලදුණු රෝගින් පැමිණිය හොත් මූලික ප්‍රතිකාර ලබාදිම සදහා වෙන්කර තිබෙන ස්ථානයට වහාම ඇයව රැගෙනවිත් පරික්ෂන සිදුකර තිබෙන අතර ඇයගේ රුධිර සාම්පල වලට අනුව නව කොරෝනා වෛරසය ආසාධනවි ඇති බව අනාවරණයවි තිබේ.

ඒ අනුව රෝහල් පරිපාලනය විසින් විශේෂ ගිලන් රථයකින් ඇයව කොළඹ පිහිටි අයි.ඩී.එච් රෝහල වෙත රැගෙන යාමට පියවර ගත් අතර ඒප්ප්‍රනය සහිත විශේෂ ආරක්ෂිත ඇදුමින් සැරසුන රෝහල් කාර්ය මණ්ඩලය නිලධාරියෙකු ඇය කොළඹට රැගෙන ඒමට ඉදිරිපත්ව සිටියේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මුලින්ම හමුවුනු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා හිදෝගම පොලිස්වසමේ හතේ ඇල පදිංචිකාරියක් වන 24 හැවරදි තරුණියක වන අතර ඇය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිළිගැනිමේ නිලධාරිනියක බව අනාවරණය වූවත් රෝහල් බලධාරින් ඒ පිළිබදව නිවැරදි තතු ලබාදිමට මැලිකමක් දැක්විය.

එම තරුණියගේ පවුලේ උදවියටත් රෝගය ආසධානයවි ඇත්තිද යන්න අනාවරණය කර ගැනිම සදහා අනුරාධපුර බෝවන රෝග ඒකකය පරික්ෂන පැවත්විමට සූදානම් බව අනාවරණය විය.

මහේෂ් විජේසුරිය


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka