Sunday, February 9, 2020

තායිලන්තයේ විසි දෙනෙකු ඝාතනය කළ හමුදා නිලධාරියා ආරක්ෂක අංශ වෙඩි පහරින් මිය යයි

තායිලන්තයේ කොරාට් නුවර සාප්පු සංකීර්ණයකට ඇතුලුවී ඉවක් බවක් නොමැතිව වෙඩි තබා පුද්ගලයන් විසිදෙනෙකු ඝාතනය කළ හමුදා නිලධාරියා ආරක්ෂක අංශවල වෙඩි පහරින් ජිවිතක්ෂයට
පත්ව තිබෙනවා.

තායිලන්ත පොලිසිය සඳහන් කළේ ජක්රෆනාත් තොම්මා නැමති මොහු ඊයේ වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පෙර සිය අණදෙන නිලධාරියාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

ඉන් පසුව පැහැරගත් ගිනි අවි සමඟ හමුදා රථයකින් කොරාට් නගරය මධ්‍යයට පැමිණි ඔහු සාප්පු සංකීර්ණයකට ඇතුලුවී වෙඩි තැබීමට පටන්ගත් බව සඳහන්.

කෙසේ නමුත් ඔහුගේ එම ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් 42 කු තුවාල ලැබුවා.

සැඟවී සිටි වෙඩික්කරු මියගොස් ඇත්තේ අද අලුයම් කාලයේ තායි ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදියි.

එහිදී ආරක්ෂක හමුදා සාමාජිකයෙකුද මියගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka