Sunday, February 9, 2020

ජීවිත 800 කට වැඩිය බිළිගත් කොරෝනා වෛරසයට එන්නතක් සොයන්න විද්‍යාඥයන් කරන්න යන දේ මෙන්න

දැනට ජීවිත 800 කට වැඩි සංඛ්‍යාවක් බිලිගනිමින් ලොව පුරා 37,000 ඉක්මවූ පිරිසකට ආසාදනය වී ඇති කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා එන්නතක් නිපදවීමට විද්‍යාඥයන් දැඩි පරිශ්‍රමයක
නිරතව සිටින බව වාර්තාවනවා.

ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සිට  ඕස්ට්‍රේලියාව දක්වා වෛද්‍ය විද්‍යාඥයන් නව තාක්ෂණය සහ මූල්‍ය සම්පත් විශාල වශයෙන් භාවිත කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඕනෑම රෝගයක් සඳහා නිපදවන එන්නතක් මිනිස් භාවිතයට යොදාගැනීමට පෙර සත්ව සහ සායනික පරීක්ෂණ සිදුකළ යුතු වනවා.
ඒ සඳහා වසර ගණනාවක් ගතවුවද  ඕස්ට්‍රේලියානු ක්වීන්ස්ලන්ත සරසවියේ පර්යේෂකයන් කඩිනමින් එවැනි එන්නතක් නිපදවීම පිළිබඳ බලාපොරොත්තු පළ කර තිබෙනවා.

නව රෝග මර්දනය පිළිබඳ ජාතන්තර එකමුතුවේ සහය ලබන එම කණ්ඩායමේ පර්යේෂකයෙකු වන කීත් චැපල් කියා සිටියේ ලොව පුරා තවත් කණ්ඩායම් රැසක් ඒ සඳහා උත්සහයක නිරතවන බවයි.

කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 814 දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 3700 ඉක්මවනවා.
චීනයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 1500කට ප්‍රතිකාර කළ හැකි දෙවන රෝහලත් වූහාන් නගරයේදී විවෘත කර ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා චීනයේ හුබෙයි පළාතේ පාලන අධිකාරිය උණ වැළදුණු රෝගීන් රෝහල් වෙත ගෙන්වා ගැනීමට මුදල් ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කිරීමේ පුවතක් ද විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

තමන්ට උණ රෝගය ඇති බව පවසා රෝහල්ගත වන  ඕනෑම පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් 142ක මුදලක් ලබාදෙන අතර, එවැනි රෝගියෙකු රෝහල් ගත කරන බාහිර පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට ඇමරිකානු ඩොලර් 71ක මුදල් ත්‍යාගයක් ද ලබාදෙන බවයි එම වාර්තා සඳහන් කළේ.

ජපානයේ යොකොහොමා හි නවතා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ තවත් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, නෞකාවේ වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, හොංකොං හි නිරෝධායනය සඳහා රදවා ගත් වර්ල්ඩ් ඞී‍්‍රම් නෞකාවේ කිසිදු අයෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බවයි එරට වාර්තා සඳහන් කළේ.

කොරෝනා වෛරසය පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට වඩා පුළුල් වූ වෛද්‍ය රසායනාගාර පද්ධතියක අවශ්‍යතාව පවතින බව රජයේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka