Monday, February 3, 2020

වූහාන් සිට දියතලාවට ගෙනා ශී‍්‍ර ලාංකිකයන්ට කිසිදු රෝග ලක්‍ෂණයක් නෑ - යුද හමුදාවෙන් නිවේදනයක්

වූහාන් සිට නිරෝධායන සැපයීම සඳහා දියතලාව යුද්ධ හමුදා රෝහල වෙත පැමිණි ශ‍්‍රී ලාංකිකයන්ගේ කිසිදු රෝග ලක්ෂණයක් මෙතෙක් වාර්තා වී නොමැති බව වෛද්‍ය විශේෂඥයන් පවසන බව ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිවාරණ වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් වෛද්‍ය සවින් සේමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සමග සමීප සම්බන්ධීකරණයෙන් යුතුව චීනයේ සිට මෙරටට පැමිණි 33 දෙනාට අවශ්‍ය සියලූ පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. වෛද්‍ය විද්‍යාත්මකව නිරෝධායන ක‍්‍රියාවලියට සරිලන පරිදි ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති මුද්‍රා තබන ලද මෙම නේවාසිකාගාර දෙක අඩි 100 ක දිගකින් සහ අඩි 20 ක පළලකින් යුතු වන අතර එම නේවාසිකාගාර පුද්ගලික ආරක්ෂණ උපකරණවලින් ද සමන්විත වේ.

කර්නල් වෛද්‍ය සවින් සේමගේ මහතා දියතලාව යුද්ධ හමුදා රෝහලේ සියලූ රැුඳවියන්ගේ මූලික පරීක්ෂණ මේ වන විට සිදු කර ඇති අතර එම රැුඳවියන් කිසිදු වෛරස් රෝගයකට භාජන වී නොමැති බවත් අනාවරණය වී ඇති බව එම නිවේදයේ සඳහන් වේ.

චීනයේ සිට පැමිණි මෙම පිරිසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් හා නියෝග මත ක‍්‍රියාත්මක කරන ලද මෙම මහජන සෞඛ්‍ය ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව, ආරක්ෂක අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ වහාම ඔවුන් හුදකලා කොට අවශ්‍ය නිරෝධායන සැපයීමේ කටයුතු සඳහා යොමුකරනු ලැබූ බව එහි වැඩිදුරටත් සදහන් වේ.

චතුර පමුණුව 

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka