අභිමානවත් 72 වන ජාතික නිදහස් දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.
මෙවර නිදහස් දින සැමරුම් උළෙල සදහා ආරධිත අමුත්තන් 2500ක් පමණ සහභාගීවීමට නියමිතයි.
අභිමානවත් ත්‍රිවිධ හමුදා උත්තමාචාර පෙළපාලියකින් සහ විචිත්‍රවත් සංස්කෘතිකාංගවලින් එය අලංකාර වනු ඇති.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් 247ක් සහ සෙසු නිලයන් 5260 ක් මෙවර නිදහස් දින උළෙල සදහා එක්වනවා.
ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 11ක් සහ සෙසු නිලයන් 363ක්ද මෙම ආචාර පෙළපාලියට එක්වීමට නියමිතයි.
ඊට අමතරව ත්‍රිවිධ හමුදාවේ නිලයන් 38ක් සහ සෙසු නිලයන් 309ක්,ශ්‍රී ලංකා පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ නිලයන් 30 ක් සෙසු නිලයන් 147ක් මෙවර නිදහස් උළෙලේ රථ පොළපාලියට එක්වීමට නියමිතයි.
ඒ අනුව මෙවර නිදහස් උළෙල වර්ණවත් කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ සහ සිවිල් ආරකෂක බලකායේ එක්වන සාමාජිකයන් සංඛ්‍යාව 5988ක්.
මේ අතර නිදහස් දින සැමරුම හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත මාර්ග කිහිපයක රථවාහන ධාවනය අද (04) දිනයේ සීමා කර තිබෙනවා.