දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් මන්ත්‍රීවරියක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන නිවසක් ඉදිකිරීම හා ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රහාරයට හේතු වී ඇත
දුම්රිය ආරක්‍ෂක සේවයේ උතුරු සහ නැගෙනහිර පළාත භාර සහකාර ආරක්‍ෂක අධිකාරි ආර්. බී. ආනන්ද රත්නමලල මහතා ඉලක්‌ක කොට කිසියම් පුද්ගලයකු විසින් පෙරේදා (26දා) රාත්‍රී 11.45 ට පමණ එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් පිළිස්‌සුම් තුවාල ලැබූ ඒ මහතා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
ඒ මහතා නවාතැන් ගෙන සිටි අනුරාධපුර පැරණි දුම්රිය ස්‌ථානයට නුදුරු අඟුරු මඩුව ප්‍රදේශයේ පිහිටි
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය ආරක්‍ෂක කාර්යාල පරිශ්‍රයේ ඒ මහතා නවාතැන් ගන්නා කාමරයේ ජනෙල් විවෘත කොට නිදා සිටියදී මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට ඇත.ඒ මහතා නවාතැන් ගෙන සිටි අනුරාධපුර පැරණි දුම්රිය ස්‌ථානයට නුදුරු අඟුරු මඩුව ප්‍රදේශයේ පිහිටි
එම බෝම්බ ප්‍රහාරයෙන් සිය සිරුරට ගිනි ඇවිළුණු අවස්‌ථාවේ ආනන්ද රත්නමලල මහතා තම නිදන කාමරයට යාබදව පිහිටි නාන කාමරයට දිව ගොස් ජල කරාමය විවෘත කොට සිරුරට ඇවිළී තිබූ ගින්න තමන් විසින්ම නිවා ගැනීමට සමත්වී තිබේ.
අනතුරුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් සිය නිදන කාමරය පුරා ඇවිළෙමින් තිබූ ගින්නද නාන කාමරයෙන් ලබාගත් ජලයෙන් නිවා දමා පාලනය කර කාර්යාල පරිශ්‍රයෙන් පිටතට ගොස් ඒ බව අසල දුම්රිය නිල නිවාසයක පදිංචිව සිටින දුම්රිය ආරක්‍ෂක අංශයේ සැරයන්වරයකුට දැනුම්දී තමන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට රැගෙන යන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වී ඇති සැරයන්වරයා මේ බව දිස්‌ත්‍රික් දුම්රිය මාර්ග පරීක්‍ෂක සී. පී. පී. දිසානායක මහතාට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි ඒ මහතා දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනෙකුගේ සහාය ඇතිව රත්නමලල මහතාව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබිණි.
අනුරාධපුර දුම්රිය නිල නිවාස සංකීර්ණයට යාබදව පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් සහකාර දුම්රිය ආරක්‍ෂක අධිකාරිවරයා විසින් අනුරාධපුර පොලිසිය වෙත මීට පෙර ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙමින් තිබූ බව සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන අනුරාධපුර පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමත් සමඟ ආනන්ද රත්නමලල මහතාට ඇතැම් පුද්ගලයන්ගෙන් විවිධ තර්ජන එල්ලවූ බවත් පෙරේදා (26දා) දිනයේදී ද ප්‍රදේශයේ දේශපාලන බලවතකු විසින් ප්‍රාදේශීය දේශපාලනඥවරියගේ නිවස කඩා ඉවත් නොකරන ලෙසට සහකාර දුම්රිය ආරක්‍ෂක අධිකාරිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී බලපෑම් කොට තිබූ බවත් මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
මේ අතර එම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධිය සැලවීමත් සමඟ රාත්‍රියේම එය වාර්තා කිරීමට අදාළ ස්‌ථානයට ගිය විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යවේදීන් පිරිසකට ඊට ඉඩ ලබානොදෙන්නැයි එම ස්‌ථානයට පැමිණි අනුරාධපුර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු සිය නිල රථය තුළ සිටම සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකරමින් සිටි පොලිස් නිලධාරීන්ට දැනුම්දී ඔහු සිය නිල රථයෙන්ම වහා ඉන් පිටව යැම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිය අප්‍රසාදය පළකර සිටිති.
දුම්රිය සහකාර ආරක්‍ෂක අධිකාරි ආර්. බී. ආනන්ද රත්නමලල මහතා ඉලක්‌ක කොට එල්ල කළ එම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
under the courtesy of divaina.com news web