Saturday, February 29, 2020

මවට දරූවා එපා නම් දරුවන් බිහිකර රෝහලේම තබා යන්න වෙනම කාමරයක්

රුවා භාර දීමේදී මවගේ තොරතුරු ලබා ගැනීමක්ද සිදු නොකරනු ලැඛේ
 
මව්පියන්ට එපා වූ දරුවන් විසිකර දැමීම වැළැක්වීම සඳහා සෑම රෝහලකම වෙනම කාමරයක් ස්ථාපිත කරන ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආණ්ඩුවට යෝජනා කර තිබේ.

එවැනි දරුවන් විසිකර දැමීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අධිකාරිය පෙන්වා දෙයි.

රෝහල්වල ඉදිකෙරෙන කාමරයට දරුවා භාර දීමේදී මවගේ තොරතුරු ලබා ගැනීමක්ද සිදු නොකරන
ලෙසට යෝජනා කර ඇත.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම යෝජනාව ලබා දී ඇත්තේ ළමා සහ කාන්තා කටයුතු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටය. මේ සඳහා නීති ප්‍රතිපාදන සකස් කළ යුතු බවද පෙන්වා දී තිබේ. තවද පාසල්වල සිදුවන විවිධ සිදුවීම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ‘‘පාසලෙන් – නීතියට’’ යන සංකල්පය යටතේ ලියුම් පෙට්ටියක් සෑම පාසලකම තැබීමටද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇත.

එහිදී පාසල් දරුවන් මුහුණ දෙන විවිධ සිදුවීම් පිළිබඳ සටහනක් ලියුම් පෙට්ටියට බහාලීමට හැකිය.

සතියකට වරක් එම ලිපි ලබාගෙන අවශ්‍ය නීතිමය පියවර ගැනීම අධිකාරියේ බලාපොරොත්තුවයි.



------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka