Thursday, February 6, 2020

වව්නතිව් කැළඹූ පොලිස් සැරයන්වරයාගේ මරණය ඝාතනයක් බවට හෙළි වෙයි - තවත් තොරතුරු රැසක් එළියට

වුනතිව් - මුල්ලාමුණ ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකුගේ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා.
පරීක්ෂණ මෙහෙයවන උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට අනුමාන කෙරෙන බවයි. වවුනතිව් පොලිස් ස්ථානයට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම මළ සිරුර සොයාගත්තේ අද උදෑසනයි.

55 හැවිරිදි මඩකලපුව -පුතූර් ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන දමිල ජාතික පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් තිබුණා.

මියයන විට මෙම පොලිස් සැරයන්වරයා සිවිල් ඇදුමින් සිට ඇති අතර මියගිය ස්ථානයට යාබදව මොහුට අයත් ඉඩමක් ද පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වවුනියාව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පරීක්ෂණ කණ්ඩායම් 4 ක් පත් කර තිබෙනවා.

මේ අතර මිරිහාන, තලපත්පිටිය, උඩහමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට තිබී රිවෝල්වරයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

මිරිහාන පොලීසියට ලද තොරතුරක් මත මෙම රිවෝල්වරය සොයාගනු ලැබුවේ ඊයේ පස්වරුවේදියි. 


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka