මේ දිනවල වැඩිපුරම මුළු ලොවම කතා කරන්නේ කොරෝනා වෛරසය සම්බන්ධයෙනුයි. ඊට හේතුව එය මුළු ලොවටම බලපෑමක් වී තිබෙන නිසයි. දිනෙන් දින ලොව පුරා එක එක රටවලින් කොරෝනා
වෛරසය ආසාධනය වුවන් වාර්තා වෙද්දී ඒ වටා ගෙතෙන සංවේදී කතාත් අසන්න ලැබෙනවා.
මේ කියන්න යන්නේ එවැනි සංවේදී කතාවක් ගැනයි. ඔහු නමින් Song Yingjie. වයස අවුරුදු 27යි. ඔහු චීනයේ Hunan කියන පළාතේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කර තිබෙනවා. මොහුගේ විශේෂත්වය වන්නේ අධික ලෙස කොරෝනා රෝගීන් වාර්තාවන ප්‍රදේශයක සේවය කිරීම හා රෝගීන් වෙනුවෙන් කැප වී සේවය කිරීමයි.
ඔහු ජනවාරි මස 25 වැනි දින සිට පසුගිය 3 වැනිදා දක්වා රෝගීන්ගේ ජිවිත බේරා ගැනීමට අඛණ්ඩව සේවය කර තිබෙනවා. කිසිදු අයුරකින් විවේකයක් නොලැබූ ඔහු අවාසනාවන්ත ලෙස රෝගීන් රැසකට ජීවිතය දී පසුගිය 3 වැනි සදුදා දින මිය යනවා, ඒ කොරෝනා වෛරසයට බිලි වී නෙමෙයි. විවේකයක් නොමැතිකම හේතුවෙන් හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය යාමයි. මෙම සිදුවීම ගැන චීනය කම්පා වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහු Hunan පළාතේ සායනවල ප්‍රධානියා ලෙස සේවය කළ වෛද්‍යවරයෙක් බවත් විදෙස් පුවත් වැඩිදුරටත් සදහන් කර සිටිනවා.