Saturday, February 29, 2020

කොවිඩ් 19 (කොරෝනා) බිලිගත් ජීවිත 2,858 දක්වා ඉහළ යයි - ආසාදිතයින් 83, 000 ක් - ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙක් IDH රෝහලේ - Video

චීනයට පසු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ ඉරානයෙන්.

චීනයට පසු වැඩිම ආසාධිතයින් පිරිසක් වාර්තාවන්නේ දකුණු කොරියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 2337ක්.
  
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේ වනවිට සිදුව ඇති මරණ ගණන 2,858ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඇන්ටාක්ටිකා මහද්වීපය හැර ලොව අනෙකුත් සියලු මහද්වීපවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 83,000කට අධික වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ වෛරසය තීරණාත්මක අවධියකට පැමිණ ඇති බවයි.

මේ අතර, ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද උණ සහ කැස්ස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබෙනවා.

මේවන විට කොවිඩ් 19 හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරස් ආසාධිතයින් හමුවූ රටවල් ගණන 55ක්.

ලිතුවේනියාව, නයිජීරියාව, උතුරු අයර්ලන්තය, නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය වෛරස ආසාධිතයින් වාර්තාවන රටවල් ගොන්නට අද අලුතින් එක්වුණා.

ගතවූ පැය 24 තුළ තවත් මරණ 44ක් වාර්තා වීමත් සමග චීනය තුළ මියගිය පුද්ගලයින් ගණන 2788ක් දක්වා ඉහළ ගියා.

එරටින් වාර්තාවන ආසාධිතයින් ගණන 78,824ක්.

චීනයට පසු වැඩිම ආසාධිතයින් පිරිසක් වාර්තාවන්නේ දකුණු කොරියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 2337ක්.

තේගු ඇතුළු දකුණු කොරියාවේ නගර රැසක් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් වසාදමා තිබෙනවා.

උතුරු කොරියාව තුළද කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් ඇති බවට අනාවරණ වීමත් සමග විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් එරටින් ඉවත්කර ගැනීමේ සැලසුම් සහ ආසාධිත රටවලින් උතුරු කොරියාවට පැමිණෙන විදේශකයින් දින 30 ක නිරෝධායනයකට ලක්කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ කොවිඩ් 19 වෛරසය තීරණාත්මක අවදියකට පැමිණ ඇති බවයි.

"අපි මේ සිටින්නේ වෛරසයේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවක. මම මේ රටවල්වලට ලබාදෙන අවවාදය තමයි වෛරසය පාලනයට නිසි ක්‍රියාමාර්ග ගත්තොත් මෙම ව්‍යසනය ඉතාමත් ඉක්මණින් පාලනය කරන්න හැකිවේවි..."

මේ අතර, වෛරසයට ගොදුරුවී සුවය ලැබූ ජපන් ජාතික කාන්තාවක් නැවතත් කොවිඩ් 19 වෛරසයට ගොදුරුවී ඇති බවට එරට මාධ්‍ය වාර්තා කළා.

චීනයට පසු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ ඉරානයෙන්.

ඒ මරණ 26ක්.

බ්‍රිතාන්‍යය වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් පියවරක් ලෙස එරට සියලු පාසල් මාස 2කට වසාදමා තිබෙනවා.

ඉතාලයේ බොහෝ ජනාකීර්ණව පැවති ප්‍රදේශයන් අද වන විට ජන ශූන්‍යව දැඩි පාළු ස්වභාවයක් උසුලන්නේ යුරෝපය තුළ කොවිඩ් 19 වෛරසය ආසාධනය වන මධ්‍යස්ථානයක් බවට ඉතාලිය පත්වීම හේතුවෙන්.
 

under the courtesy of gossip.hirufm.lk news web


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka