Saturday, February 29, 2020

ඉන්දීය පුරවැසි නීතිය ජනවාර්ගික ගැටුමකට පෙරළෙයි - ගැටුම් වලින් පුද්ගලයන් රැසක් මිය ගිහින්

දිල්ලි අගනුවර පමණක් ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් 32ක් මිය ගිහින්

මුස්ලිම් පල්ලි, නිවාස සහ සහ වෙළෙඳසැල් වලට දැඩි ප්‍රහාර එළ්ල වෙලා

1955 වසරේ සිට ඉන්දියාවේ ක්‍රියාත්මක වූ පුරවැසිභාවය පිළිබඳ මූලික නීති වෙනස් කරමින් පසුගිය දෙසැම්බරයේ ඉන්දියාව නව සංශෝධිත කෙටුම්පතක් ඉදිරිපත් කළා.

අසල්වාසී මුස්ලිම් රටවල සිටින මුස්ලිම් නොවන පුද්ගලයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාගත හැකි වන ලෙස මෙම නව නීති සම්පාදනය කර
තිබෙනවා.

ඊට එරෙහිව රටේ විවිධ ජන කොටස් දැඩි විරෝධය පළ කල ආකාරය පසුගිය කාලය පුරා දක්නට ලැබුනා.

පසුගිය දින කීපයේ දිල්ලි අගනුවර පමණක් ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් 32ක් මියගොස් ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මුස්ලිම් පල්ලි, නිවාස සහ සහ වෙළෙඳසැල් වලට දැඩි ප්‍රහාර එළ්ල වන අතර මිශ්‍ර ජන කොටස් සිටින ප්‍රදේශ වලින් මුස්ලිම් ජනතාව ඉවත්ව යන්නට පටන්ගෙන තිබෙනවා.

අනෙක් අතට ආයුධ සහිත මුස්ලිම් ජනතාවද සටන් සඳහා යොමු වී ඇති අතර මියගිය පිරිසට හින්දු පුද්ගලයන් ද ඇතුලත් බව සඳහන්.

සුළුතර මුස්ලිම් කොටස් වලට එරෙහි අපරාධ මැඩපවත්වන්නට ප්‍රාන්ත පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන්ද දැඩි චෝදනා එල්ල වනවා.

සාමය පවත්වා ගන්නා ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය මෝදි ට්විටර් සටහනක් තබා තිබෙන නමුත් ගැටුම් මැඩපවත්වා ගන්නට අවශ්‍ය කටයුතු නොයෙදීම සම්බන්ධයෙන් ප්‍රාන්ත පාලන බලය හිමි Aam Aadm පක්ෂය උදහසට ලක්වී තිබෙනවා. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka