Tuesday, January 28, 2020

'කොරෝනා ගෝලීය වසංගත රෝගී තත්ත්වයට පත් වීමට ආසන්නයි, වහාම සියළු රටවල් චීන ජාතිකයින්ට සීමා පනවන්න' - වෛද්‍ය විශේෂඥයින්

'කොරෝනා ගෝලීය වසංගත රෝගී තත්ත්වයට පත් වීමට ආසන්නයි
වහාම සියළු රටවල් චීන ජාතිකයින්ට සීමා පනවන්න' - වෛද්‍ය විශේෂඥයින් 

පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. තවත් පුද්ගලයින් 4000 කට පමණ කොරෝනා වෛරසය වැලදී ඇති බවයි චීන බලධාරින් සඳහන් කරන්නේ.

එසේම ලොවපුරා රටවල් 15 කින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් හමුවී තිබෙනවා. විශේෂඥයින් අනතුරු අඟවා තිබෙන්නේ මෙම  වෛරසය ලොවපුරා පැතිරි යාම වැළැක්වීම සඳහා ලොව
සියළු රටවල් වහාම චීන ජාතිකයින්ට සංචාරක සීමා පැනවීමට පියවර ගත යුතු ලෙසයි.  . හොංකොං සරසවියේ විශේෂඥ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී සඳහන් කර සිටින්නේ "මෙය ගෝලීය වසංගත රෝගී තත්ත්වයක් බවට පත්වීමට ආසන්න තත්ත්වයේ පසුවන්නේ. ඒ වෙනුවෙන් ලොව අනෙක් රටවල් චීන ජාතිකයින්ට සංචාරක සීමා පැනවීමට පියවර ගන්න අවශ්‍යයි" යනුවෙන්.

එම ප්‍රධානී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ චීනයේ වුහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් පටන් ගත් මෙම වෛරසය දිනෙන් දිනම පැතිරෙමින් තිබෙන බවත් එය වැඩි ජනගහණයක් තිබෙන බිජිං, ශැන්හායි, චොංන්කින් ඇතුළු ප්‍රධාන පෙළේ නගරවලට පැතිරි යාමේ අවධානමක් තිබෙන බවත් ය.

දැනට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව සමග සංසන්දනය කිරිමේදී චීනය තුල පමණක් නව කොරෝනා වෛරසට ගොදුරුවූ පිරිස 44,000 ක් බවත් එය සෑම දින දෙකකට වරක් දෙගුණයකින් ඉහළ යා හැකි බවයි විශේෂඥ පර්යේෂණ කණ්ඩායම වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka