චීනයේ අධ්‍යාපනය සඳහා ගොස් සිටින ශී‍්‍ර ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් යානයක් අද චීනය බලා පිටත්ව යනවා. එසේම තවත් චිනයේ අධ්‍යාපනය ලබන සිසුන් රැගත් ගුවන් යානා දෙකක් ඊයේ මව්බිම්ට ළඟා වුණා. පළමු ගුවන් යානය චීනයේ කුංමින්ග් සිටත් දෙවන ගුවන් යානය ෂැන්හයි නුවර සිටත් පැමිණ තිබෙනවා. එම ගුවන් යානාවල්න් මෙරටට පැමිණි සිසුන් ගණන 50ක්. ඔවුන් සියළු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වාර්තා වන්නේ.
කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ හුබෙයි ප‍්‍රාන්තයේ වුහාන් ප‍්‍රදේශයේ ද ශී‍්‍ර ලාංකික සිසුන් පිරිසක්
කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ හුබෙයි ප‍්‍රාන්තයේ වුහාන් ප‍්‍රදේශයේ ද ශී‍්‍ර ලාංකික සිසුන් පිරිසක්
රැඳී සිටිනවා. එම සිසුන් විශේෂ ගුවන් යානයක් මගින් යළි ශී‍්‍ර ලංකාවට පිටත් කර එවීමටද මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බව චීනයේ වැඩබලන ශී‍්‍ර ලංකා තනාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.