Friday, January 24, 2020

යළිත් ඕස්ට්‍රේලියාවම රත් වෙයි - ලැව්ගිනි ආපසු ඇතිවෙන බවට රතු නිවේදන

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී උණුසුම් හා වියලි සුළං සහිත කාලගුණ යක් පවතිනු ඇති බැවින් දැඩි ලැව්ගිනි තත්වයක් නැවත ඇතිවිය හැකි බව කාලගුණ කාර්යාංශය අනතුරු අඟවා සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.

පසුගිය සතිය පුරා ප්‍රාන්තයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ලැව්ගිනි ඇතිවුණු ප්‍රදේශවලට යම් සහනදායි වාතාවරණයක් උද්ගත වුවද අධික උෂ්ණත්වය සහ සුළං මගින් නැවතත් ලැව්ගිනි අවධානම ඇතිවිය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවීමේ සේවය ද අනතුරු අඟවා සිටින බව සඳහන්.

දකුණු වෙරළ තීරයේ නව්රා හි උෂ්ණත්වය අංශක 40 ක්, බටහිර සිඩ්නි හි පෙන්රිත්හි ප්‍රදේශයේ
උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ක්, හන්ටර් කලාපයේ සෙස්නොක්හි උෂ්ණත්වය අංශක 41 ක්, ප්‍රාන්තයේ උතුරු මැද වෙරළ තීරයේ බුලාඩේලාහි අංශක 42 ක් දක්වා ආදී වශයෙන් අද දිනය තුලදී නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා ඉහල අගයක් වාර්තා වනු ඇති බවද එරට කාලගුණ අංශ සදහන් කර තිබෙනවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka