අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසට සහ කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
කුමන හේතුවක් නිසා හෝ භාහිර අරමුණු මුල්කරගෙන කිසිවෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ.
කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කළ යුත්තේ අදාළ වගකීම ඉටු කරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුව බව ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබෙනවා.
එකී කාර්යය ස්වාධීනව සහ කිසිදු බියගැන්වීමකින් හෝ අනුග්‍රහයකින් හෝ සිදුවන බවට සහතික කරගත යුතුයැයි ද වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙසටයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත්තේ.
"අත්අඩංගුවට ගැනීම දඬුවමේ කොටසක් නොවේ. අත්අඩංගුවට ගනු ලැබීම පුද්ගල කීර්තියට හා සමාජ

තත්වයට දැඩි බලපෑම් කරන ක්‍රියාවකි. එබැවින් පොලිසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලවම කියා කළ යුතුය යනුවෙන්" ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලු මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් ඔවුන්ට නිසි ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතු වනවා.
දූරදර්ශීව රාජකාරී ඉටු කරන ලෙසටත් අවශ්‍ය අවස්ථාවල නීතිපති උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් ජනාධිපති ලේකම්වරයා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

under the courtesy of gossip.hirufm.lk news web